IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 2.73 ක්

  • පෙර මූල්‍ය වර්ෂයේදී  ශ්‍රී ලංකන් ගුවන් සේවයට  රුපියල් බි. 7.92ක ලාබයක්
  • 2024/25 මූල්‍ය වර්ෂයේදී  ශ්‍රී ලංකන් ගුවන්  සේවයේ ලාබය සියයට  134.6 කින් පහළ ගිහින්
  • 2024/25 මූල්‍ය වර්ෂයේදී  ශ්‍රී ලංකන් ආදායම රුපියල් බිලියන 303 දක්වා සියයට 10.8 කින් පහළට
  • පෙරට වසරට සාපේක්ෂව  මෙහෙයුම් වියදම්  සියයට 11.7 කින්  රුපියල් බිලියන 276.3  දක්වා පහළ ගිහින්
  • ගුවන් සේවයේ මුළු වත්කම්ද රුපියල් බිලියන 189.2 ක් දක්වා සියයට 6.1කින් පහත වැටිලා
  • කොටස් හිමියන්ගේ අරමුදල් මෙම වසරේදී  සෘණාත්මක මට්ටමක  රුපියල් බි. 379.5 සීමාවේ
  • අනෙකුත් ආදායම් රු. බිලියන  27.1 ක දක්වා සියයට  16 කින් පෙර වසරට  සාපේක්ෂව වර්ධනය වෙලා
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 2.73 ක පාඩුවක් ලබා ඇතැයි එම ගුවන් සේවය පසුගියදා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
ඊට පෙර මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 7.92ක ලාබයක් ලබාගෙන තිබූ අතර, ඊට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාබය සියයට 134.6 කින් පහළ ගොස් ඇත. එහිදී 2024/25 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආදායම රුපියල් බිලියන 303 දක්වා සියයට 10.8 කින් පහළ ගොස් ඇති අතර 2023/24 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආදායම රුපියල් බිලියන 339.6 ක් විය.
කෙසේ නමුත් මෙම වසරේදී පෙරට වසරට සාපේක්ෂව මෙහෙයුම් වියදම් සියයට 11.7 කින් රුපියල් බිලියන 276.3 දක්වා පහළ ගොස් ඇත. 2023/24 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 313 ක් විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු වත්කම් පෙර වසරට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 189.2 ක් දක්වා සියයට 6.1කින් පහළ ගොස් ඇත. 2023/24 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු වත්කම රුපියල් බිලියන 201.6 ක් වූවේය. එසේම කොටස් හිමියන්ගේ අරමුදල් මෙම වසරේදී සෘණාත්මක මට්ටමක රුපියල් බිලියන 379.5 සීමාවේ පැවැතිණි.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනෙකුත් ආදායම් 2024/25 මූල්‍ය වර්ෂයේදී අනෙකුත් ආදායම් රුපියල් බිලියන 27.1 ක දක්වා සියයට 16 කින් පෙර වසරට සාපේක්ෂව වර්ධනය වී ඇත.
 



අදහස් (1)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 2.73 ක්

ගුණරත්න Friday, 24 October 2025 12:03 PM

සීයා කජුත් කාල රවුම් ගහල එත් ලාභත් හොයලා. එකට මුන් ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1636 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site