IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ශ්‍රී ලංකා-ප්‍රංශ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ කෙරේ

 


විමුක්ති එස් රුද්‍රිගු


ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ලිපිවලට ශ්‍රී ලංකාව සහ ප්‍රංශය නිල වශයෙන් පසුගියදා අත්සන් තැබූ බවත්, ඒ සමග ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව නිල ණය හිමියන්ගේ කමිටුව සමග පසුගිය ජූනි 26 වැනිදා එළැඹී අවබෝධතා ගිවිසුමට අනුකූලව දෙරට අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ බවද මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. ශ්‍රී ලංකාව සහ ප්‍රංශය පසුගිය ජූනි 16 වැනිදා දෙරට අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබූ බවත්, එම ගිවිසුමට මුදල් අමාත්‍යාංශය සහ ප්‍රංශයේ අදාළ පාර්ශව ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන ලිපිවලට අත්සන් තැබිය යුතුව තිබූ බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව පසුගිය 24 වැනිදා මුදල් අමාත්‍යාංශය සහ ප්‍රංශය එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ ලිපිවලට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාත්, ප්‍රංශය වෙනුවෙන් ඒ.එෆ්.ඩී. මෙරට අධ්‍යක්ෂ යසීඩ් බෙන්සෙඩ් මහතාත් එම ලිපිවලට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකා-ප්‍රංශ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site