IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘&පාසල් පිරියත සුරකිමු‘* 2025 දිවයින පුරා පාසල් 100 ක්


ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 වැඩසටහන 2025 මැයි මස 24 වැනිදා දිවයින පුරා විසිරුණු දුෂ්කර පාසල් 100 කට තම දායකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසැල් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමයි. ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට ගොස් රටේ අනාගතය බාර ගන්න සිටින දුවා දරුවන් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කැපවී සිටි.

2007 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියෙන් මේ වන විට පාසල් 3,365ක් ප්‍රතිලාභ හිමි කරගෙන ඇත. එකම දිනයක් තුළ දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියත්මක කරන ලද අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කලාප, ප්‍රාදේශීය, ශාඛා කළමනාකරණය ඇතුලු විකුණුම් බලකායද මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට තම දායකත්වය ලබා දෙන ලදී. මෙම විශේෂ වැඩසටහනට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමුහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා ඇතුළු ආයතනික කළමනාකාරීත්වය ද දිවයිනේ සිදුවූ විවිධ වැඩසටහන්වලට සහභාගී විය.

‘පාසල් පිරියත සුරකිමු‘ ව්‍යපෘතිය යටතේ නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබුවේ, පන්ති කාමර ප්‍රතිසංස්කරණය කිරීම, පිරිසුදු පානීය ජලය සැපයීම, පින්තාරු කිරීම සහ අලුත්වැඩියා කටයුතු, මේස සහ පුටු ප්‍රතිසංස්කරණය කිරීම සහ සිසුන්ට සහ පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමයි. මේ තුළින් ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ගේ පාසල්වල ප්‍රසන්න පරිසරයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළ නංවාලීම අරමුණු කරගෙන තිබේ. 

මෙම වැඩසටහන ක්‍රියත්මක කිරීමට, දුෂ්කර පාසල් හඳුනාගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රාදේශීය ශාඛා කළමනාකරණය සම්බන්ධවී වඩාත් සුදුසු පාසල් මෙම කර්තව්‍ය වෙනුවෙන් තෝරා ගන්න ලදී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සමාජ සත්කාර ක්‍රියාකාරකම් දැයේ දරුවන්ගේ අධ්‍යාපනයෙන් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. මේ යටතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක කර ඇති අතර සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රධාන තැනක් ගනී. මෙහිදී 5ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලදී විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන්ට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන අතර මේ දක්වා රු. මිලියන 200 කට අධික වටිනාමකින් යුත් ශිෂ්‍යත්ව 1800ක් ඉක්මවා ප්‍රදානය කර ඇත. එසේම, ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් අලුත උපන් බිළිඳුන්ගේ දෙමාපියන්ට නොමිලේ පිරිනමන ලදී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, තම සමාජ වගකීම අවබෝධ කරගනිමින් රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරයි.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘&පාසල් පිරියත සුරකිමු‘* 2025 දිවයින පුරා පාසල් 100 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 702 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17877 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site