භානුක අමරසිංහ
හොංකොං සහ තායිලන්තය සමගින් එක්ව ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කැලැන්ඩරය වෙත ඇතුළු වෙමින් ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළෙහි ඒකාධිකාරී තත්වයක් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ සඳහා දැනටමත් තායිලන්තය සමගින් මූලික සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කරයි.
ඊයේ (18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණු Industry Expo 2025 2025 ප්‍රදර්ශනයේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
“2026 අයවැයෙන් අපි යෝජනාවක් ඉදිරිපත් කරනවා හොංකොං සහ තායිලන්තය සමගින් එකතු වෙලා ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කැලැන්ඩරය වෙත ඇතුළු වීමේ අවස්ථාවක් ඇති කරගන්න. අපි දැනටමත් එහි මූලික සාකච්ඡා තායිලන්තයත් සමගින් ආරම්භ කර තිබෙනවා. මේ හොංකොං - තායිලන්ත - ශ්‍රී ලංකා ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කැලැන්ඩරය අපිට එකම කාලසීමාවකට හදාගන්න පුළුවන් වුණොත් එම වෙළෙඳපොළේ ඒකාධිකාරයක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වේවි. එහි අනන්‍යතාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ අපිට.”
එසේම ඉදිරියේදී පැය 24 පුරා ක්‍රියාත්මක ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනාගාරයක් කොළඹදී ස්ථාපිත කිරිමටද සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකාව ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කැලැන්ඩරයට ඇතුළුවීමේ සූදානමක