ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත.
එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය සියයට 32 කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික වටිනාකම්, පිරිසුදු වෙරළ තීර, තේ වතු හා සාධාරණ මිලට ලබා ගත හැකි සුඛෝපභෝගී අත්දැකීම් සඳහා ශ්‍රී ලංකාව පැහැදිලිවම ප්‍රියතම ගමනාන්තයක් බව ගුවන් සමාගම පවසයි.
මෙවර ගිම්හානයේ දී ජාත්‍යන්තර සංචාර තෝරා ගැනීම් ඉතා ඉහළ මට්ටමකට ළඟා වෙමින් ඇති අවස්ථාවක, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන්කිරීමේ දත්ත හා ඒ සම්බන්ධ සෙවුම් රටා පිළිබඳ එමිරේට්ස් හි නවතම විශ්ලේෂණ ප්‍රතිඵල මගින් ජූලි සහ අගෝස්තු මාසවලදී සංචාරකයන් යාමට සිහින දකින ගමනාන්ත පිළිබඳ තොරතුරු හෙළි කර දෙයි. එමගින් පැහැදිලි වන පරිදි මේ දිනවල සංචරකයන්ගේ වැඩි නැඹුරුවක් ඇත්තේ නව සංස්කෘතික අත්දැකීම් සහ සාමාන්‍ය ගමන් මාර්ගවලින් බැහැර වූ නැවුම් ස්ථාන වෙතයි.
මෙවර ගිම්හානයේ සංචාර සඳහා ගුවන් ගමන් සෙවීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 7 කින් ඉහළ ගොස් ඇත. වෙනත් රටවලට යන සංචාරවල සෙවීම් කැපී පෙනෙන ලෙස සියයට 35 කින් වැඩි වී ඇති අතර සෙවීම් අතින් පළමු තැන හිමිකරගත්තේ ප්‍රංශය වන අතර, දෙවැනි ස්ථානයේ අයර්ලන්තය හා ඉන් පසු කැනඩාව හා සෞදි අරාබිය පිළිවෙළින් සිටිී.
දිනපතා එමිරේට්ස් ගුවන් ගමන් හතරකින් සේවය ලබන ශ්‍රී ලංකාව සඳහා ගුවන් ගමන් සෙවීම්වල ප්‍රමාණය සියයට 32කින් ඉහළ ගොස් ඇත.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකාව ගිම්හානයේ හොඳම ගමනාන්ත 3 අතරට