විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් තර කරගැනීමේ අරමුණ ඇතුව සංවිධානය කළ ණය සහ ප්‍රාග්ධනය පිළිබඳ සංවාදය පසුගියදා කොළඹ රත්නදීප හෝටලයේදී පැවැත්විණි.
ඉන්දීය රජය, අයි.එෆ්.එස්.සී.ඒ, එන්.එස්.ඊ ජාත්‍යන්තර හුවමාරුව, කෙයාර් එජ් ග්ලෝබල් ශ්‍රේණිගත කිරීමේ සමාගම විසින් මෙම සංවාදය මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දු - ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ටී. ඩබ්ලිව්. කෝප් සමාගම සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරී සංසදය සමග සහයෝගයෙන් සංවිධානය කරනු ලැබ තිබිණි.
‘‘ණය සහ ප්‍රාග්ධනය: ශ්‍රේණිගත කිරීම් සහ රෙගුලාසි හරහා විශ්වාසය ගොඩනැගීම” යන තේමාව යටතේ මෙම සංවාදය සංවිධානය කර තිබූ අතර, එහි ප්‍රධාන අමුත්තා ලෙස මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහභාගී විය. සංවාදයට මෙරට ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාව - ඉන්දියාව අතර ණය සහ ප්‍රාග්ධනය පිළිබඳ සංවාදයක්