Brand Finance ගෝලීය සන්නාම තක්සේරු කරණ සේවාව මගින් ශ්‍රී ලංකාවේ කීර්තිමත් වටිනාම වෙළෙඳ සන්නාම 100 අතර LOLC ෆිනෑන්ස් පීඑල්සී සමස්ත 14 වැනි ස්ථානයටත්, බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්රයේ පළමු ස්ථානයටත් නම් කර තිබේ.
Echelon ව්‍යාපාරික සඟරාවේ අගෝස්තු කලාපයෙන් ප්‍රකාශයට පත්කර ඇති පරිදි LOLC ෆිනෑන්ස් රුපියල් මිලියන 11,528 ක සන්නාම වටිනාකමක් සහිතවAA+ සන්නාම ශේණිගත කිරීමක් ලබා තිබේ. මෙම ජයග්රහණයෙන් LOLC ෆිනෑන්ස් ජාතියේ වඩාත් විශිෂ්ට වූ සන්නාම අතර සිය ස්ථානය තහවුරු කර ගන්නවා පමණක් නොව, සමස්ත ශ්‍රේණිගත කිරීම්වලදී අනෙක් තරගකාරී ආයතනවලට වඩා ප්රමුඛ ස්ථානයක් හිමිකරගනිමින් බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ සිය අවිවාදිත ආධිපත්‍යය ස්ථාපිත කරයි.
Brand Finance මගින්, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 පිළිබඳව සිදුකරන වාර්ෂික ඇගයීම දිවයිනේ වඩාත් දැඩි සහ පුළුල් සන්නාම තක්සේරුකරණයකි. එහිදී වෙළෙඳ සන්නාමවල මූල්‍ය ක්‍රියාකාරිත්වය, ස්ථාවරත්වය, වෙළෙඳපොළ පිළිගැනීම, විශ්වසනීයත්වය සහ පාරිභෝගික විශ්වාසය මත එම ඇගයීම් සිදු කරන අතර, ක්ෂේත්රයේ අනිකුත් ආයතනවල ක්‍රියාකාරිත්වය සහ ගෝලීය ප්‍රමිති මත පදනම්ව වර්ගීකරණයන් සිදු කරයි. LOLC ෆිනෑන්ස් ආයතනයට මෙම පිළිගැනීම ශ්‍රේණිගත කිරීමකින් ඔබ්බට යන්නකි. එය ඛධඛක් ෆිනෑන්ස් හි තිරසර වෙළෙඳපොළ නායකත්වය, අසමසම වෙළෙඳ නාම වටිනාකම පිළිබඳ සාක්ෂියක් මෙන්ම, පාරිභෝගිකයන්ට සහ ප්‍රජාවට පරිවර්තනීය වටිනාකමක් ලබාදීම තහවුරු කිරීමේ වාර්තාවකි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය. “මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්රයේ අවිවාදිත නායකයා ලෙස අපේ ස්ථාවරය පිළිබඳ ප්‍රබල සහතිකයකි. LOLC LOLC, ක්ෂේත්රයේ මුළු වත්කම්වලින් සියයට 20 ක්, ණය නිකුතුවලින් සියයට 25 ක් සහ සමස්ත ලාභදායිතාවෙන් සියයට 36 ක් නියෝජනය කරයි. බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්රයේ සමාගම් 35 ක් අතර, LOLC ෆිනෑන්ස් කුඩා හා මධ්‍යම පරිමාණ මූල්‍ය, පෞද්ගලික මූල්‍ය, විකල්ප මූල්‍ය විසඳුම්, ෆැක්ටරින්, කෘෂි නිෂ්පාදන මූල්‍යකරණ සහ තවත් අංශ ගණනාවක ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වෙයි. එමෙන්ම අපේ ඩිජිටල් මූල්‍ය යෙදුම iPay, ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ අවකාශයේ විශාලතම යෙදුම ලෙස පිළිගැනෙන අතර, අපගේ iPay වේදිකාව දිවයිනේ විද්‍යුත් පසුම්බි ගනුදෙනුවලින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් හසුරුවයි. අපගේ දැක්ම වන්නේ විධිමත් මූල්‍ය සේවා සමාජයේ සියලු කොටස් වෙත ව්‍යාප්ත කිරීමෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ඇතුළත් කිරීම් වැඩි දියුණු කිරීමයි. Brand Finance ශ්‍රේණිගත කිරීම මඟින් තහවුරු කරන්නේ අපගේ ගනුදෙනුකරුවන්, කොටස්කරුවන් සහ හවුල්කරුවන් දැනටමත් දන්නා සත්‍යයකි. LOLC ෆිනෑන්ස් යනු මූල්‍ය සේවා සපයන්නකු පමණක් නොවන අතර, එය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය (NBFI) අංශයේ අනාගතය හැඩගස්වන බලවේගයකි.”
සිය අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස් පීඑල්සී අලෙවි සන්නිවේදන සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රසාද් පෙරේරා මහතා මෙසේ පැවසීය. ”හුදෙක් ගනුදෙනු වලට වඩා, අප ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම, මූල්‍ය ගමන්මග හැඩගැස්වීම සහ සියලු පාර්ශ්වකරුවන්ගේ අභිලාෂ තෘප්තිමත් කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමු. අපගේ ගනුදෙනුකරුවන් බොහෝ දෙනෙක් දැන් ඔවුන්ගේ ජීවිතවල වැදගත්ම මූල්‍ය තීරණ විශ්වාසයෙන් යුතුව ගැනීමට උපකාර වන ඒ සඳහා ම කැපවූ සාර්ථකත්වයේ කොටස්කරු, උපදේශකයකු සහ මග පෙන්වන්නා ලෙස අප වැඩි වශයෙන් දැකීමට පටන් ගෙන තිබේ. සියලුම ජීවන රටාවල සෑම තරාතිරමකම අයගේ සියලු මූල්‍ය අවශ්‍යතා සඳහා එක් සේවා ස්ථානයක් ලෙස, LOLC ෆිනෑන්ස් එහි ශක්තිමත් සන්නාම වටිනාකම් තිරසාර වර්ධනය සඳහා යොදා ගනී.
2025 නොවැම්බර් මස 21
130
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු නොවන මූල්‍ය ආයතන සන්නාමය LOLC ෆිනෑන්ස්