ශ්රී ලංකන් ගුවන් සේවයේ 46 වැනි සංවත්සරය අදට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් තම පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් පිරිනැමීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හා සුහද සත්කාරය පිළිබඳ පණිවිඩය ලොව පුරා රැගෙන යමින්, රට වෙනුවෙන් ගෝලීය තානාපති භූමිකාවක් ඉටුකරන සුවිශේෂී සමාගමකි. සිය ඉතිහාසය පුරා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරියටත්, ජනතාව, සංස්කෘති හා ව්‍යාපාර යා කරමින් තම මෙහෙවර අඛණ්ඩව ඉටුකිරීමට සූදානමින් සිටී.
මෙම සංවත්සර දීමනා මාලාව යටතේ, 2025 සැප්තැම්බර් 01 සිට 2025 සැප්තැම්බර් 05 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හරහා ගුවන් ටිකට් පත් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට Business Class ටිකට්පත් සඳහා සියයට 20 ක වට්ටමක්ද, Economy Class ටිකට්පත් සඳහා සියයට 15 ක වට්ටමක්ද හිමි වේ. එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාරිභෝගික ළැදියා වැඩසටහන වන FlySmiLes හි සාමාජිකයන්ට, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 46 වන සංවත්සරය සංකේතවත් කරමින් Bonus Miles සියයට 46 ක් ලබාදීමටද කටයුතු යොදා ඇත.
තවද සිය 46 වසරක ගමන් මග තුළ සමාගමේ සාර්ථකත්වය උදෙසා මහඟු කාර්යභාරයක් ඉටු කළ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇගයීමටද ගුවන් සේවය සැලසුම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකන් 46 වැනි සංවත්සරයට වට්ටම් - දීමනා රුසක්