(නිමල කොඩිතුවක්කු)
ජාතික ගුවන් සේවය වන ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම අපේ‍්‍රල්(01) වැනිදා සිට එයාර් සීෂෙල්ස් ගුවන් සමාගම සමග විශේෂ ගුවන් සබඳතා ගිවිසුමක් වෙත එළැඹ ඇත.
මෙම නව ගිවිසුම මගින් ගුවන් මාර්ග ජාලය වැඩිදියුණුකර ගුවන් සමාගම් දෙකෙහිම ගුවන් මගීන්ට සංචාරක අවස්ථා රැසක් සුව පහසු ආකාරයෙන් ලබාදීමට ගුවන් සමාගම අපේක්ෂා කරනු ලබයි.
මේ සමඟ ශ‍්‍රි ලංකන් ගුවන් මගීන්ට සීෂෙල්ස් හරහා දකුණු අප‍්‍රිකාව, මොරිෂස් සහ මැඩගස්කරය ඇතුළු නව ගමනාන්ත තුනක් සඳහා ගුවන් පහසුකම් සැලසෙනු ඇති බව ශ‍්‍රි ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.
ඊට සමගාමීව එයාර් සීෂෙල්ස්හි පාරිභෝගිකයින්ට ශ‍්‍රි ලංකන් ගුවන් සේවය හරහා ඉන්දියාව සහ ඈත පෙරදිග ගමනාන්ත වෙත ගමන් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම රටවල් 47 ක ගමනාන්ත 105 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.
මෙයට අමතරව වන්වර්ල්ඞ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඞ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ‍්‍රි ලංකන් ගුවන් මගීන්ට හිමිවේ.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකන් ගුවන් සමාගම - එයාර් සීෂෙල්ස් සමඟ ගිවිසුමක්
sunil rathnaweera Thursday, 29 March 2018 05:46 PM
ප්‍රංශයේ තිබුන ශ්‍රී ලංකන් එක වහලා දැම්මා. දැන් ලාබදකවුරු බලයට ආවත් අපිට කමක් නැහැ " ශ්‍රී ලන්කන් ගුවන්සේවය " නැවතත් ප්‍රංශයට ගෙනෙනවා කියලා යමෙක් පොරොන්දුවක් දුන්නොත් මුළු ප්‍රංශයේම ඉන්න " ශ්‍රී ලාංකිකයින් " ( සිංහල,දෙමල,මුස්ලිම්, බර්ගර්...) ඒ පුද්ගලයාට ඡන්දය දෙනවා..