IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී ලාංකික අපනයනකරැවන් අගයමින් 27 වැනි ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල ඉකුත් දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙම සම්මාන ප්‍රදානයෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීමයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර, මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කර ඇත. 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු ආරාධිතයෝ 1500 ක් පමණ සහභාගී වූහ.
2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වූ මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනමනු ලදී. නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ශ්‍රී ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා නව උපාය මාර්ග ක්‍රියාත්මක කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ අපනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, නවෝත්පාදන, අගය එකතු කිරීම, දේශීය සන්නාම ලෝකයට හඳුන්වා දීම, අපනයනවල තිරසාර බව, කලාපීය අගය දාමයන්හි සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල අපනයනකරුවන් විසින් ගෙන ඇති මුලපිරීම් රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් ලෙස සැලකේ.
ජනාධිපති අපනයන සම්මාන උළෙල මගින් ජයග්‍රහකයන්ට සම්මානයක්/ සමරු ඵලකයක් සහ සහතිකයක් පිරිනමන අතර, ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කිරීමේ හැකියාව සම්මාන ලාභීන්ට හිමිවේ.

2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වූ මෙම උළෙලේදී සමස්ත සම්මාන 15 ක් පිරිනමන ලදී. 
1. වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරු - සේවා අංශය - Lanka Hydraulic Institute Limited, 2. වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරු - නිෂ්පාදන අංශය -Hero Nature Products (Pvt) Ltd, 3. වසරේ නැගී එන අපනයනකරු - Bughary Bio Spices (Private) Limited, 4. වසරේ කාන්තා අපනයනකරු -Senikma Holdings (Pvt) Ltd, 5. නැගී එන වෙළඳපොළවල හොඳම කාර්ය සාධනයක් දක්වන අපනයනකරු - Lanka Marine Services (Private) Limited, 6. ප්‍රාදේශීය වශයෙන් අපනයන සැපයුම් දාමයට දායකත්වය - Omega Line Limited, 7. වසරේ නව්‍ය අපනයන සේවාව -Sysco Labs Technologies (Private) Limited, 8. වසරේ නව්‍ය අපනයන නිෂ්පාදනය - Ultracarb (Private) Limited, 9. අපනයනවල තිරසාර සංවර්ධනයට දායකත්වය -Dilmah Ceylon Tea Company PLC, 10. වසරේ හොඳම අගය එකතු කළ අපනයනකරු -H S B C Electronic Data Processing Lanka (Private) Limited, 11. නිෂ්පාදන විවිධාංගීකරණයේ හොඳම අපනයනකරු - Omega Line Limited, 12. වසරේ වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ අපනයනකරු - Dilmah Ceylon Tea Company PLC, 13. වසරේ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ ශ්‍රී ලාංකික සන්නාමය - Akbar Brothers (Private) Limited, 14. වසරේ ශුද්ධ විදේශ විනිමය උපයන්නා - Akbar Brothers (Private) Limited, 15. වසරේ අපනයනකරු - Omega Line Limited



අදහස් (0)

ශ්‍රී ලාංකික අපනයනකරැවන් අගයමින් 27 වැනි ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site