
ශ්‍රීලංකන් ගුවන් සේවය, oneworld සන්ධානයේ 25 වැනි සංවත්සරයට සමගාමීව, පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී “oneday. oneteam. oneworld25” තේමාවට අනුව “oneworld25 Roadshow” සඳහා සත්කාරකත්වය සපයන ලදී.
ලොව පුරා සංචාරය කරමින් oneworld සන්ධානයේ සාමාජික ගුවන් සේවා සමාගම්වල මව් රටවල් වෙත සංචාරය කරන “oneworld25 Roadshow” ශ්‍රී ලංකාවද එහි එක් ප්‍රධාන ගමනාන්තයක් ලෙස සලකුණු කරන ලදී. 2014 වසරේ සිට oneworld සන්ධානයේ ගෞරවනීය සාමාජිකයකු ලෙස කටයුතු කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, ගෝලීය ගමනාන්ත 1,000 ආවරණය කරමින් සිය මගීන් වෙත පහසුකම් සලසමින් සුවපහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබා දීමට හැකි වී ඇත.
“oneworld25 Roadshow” මගින්, සන්ධානයේ දැක්ම හා අරමුණු යළි අවධාරණය කරමින්, සිය සමාජික ගුවන් සේවා සමාගම්වල සේවකයන්ට ඔවුන්ගේ වෘත්තීය දියුණුව සහ කාර්ය සාධනය උසස් කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම, එමෙන්ම සේවකයන් වෙත ලැබෙන ප්‍රතිලාභ ගැන ඔවුන්ට අවබෝධ කර දීම අපේක්ෂා කෙරේ. oneworld සන්ධානය ලොව පුරා සංචාරය කරමින් ගුවන් මඟීන් වෙත පහසුකම් සලසමින් ඉදිරියට යන ගමනේ සාඩම්බර කොටස්කරුවකු වෙමින් ශ්‍රීලංකන් ගුවන් සේවය ද සිය මගීන් වෙත සුව පහසු ගුවන් ගමන් ඇත්දැකීමක් ලබා දීම සඳහා කැප වී කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීලංකන් වෙතින් oneworld25 Roadshow සත්කාරකත්වය