ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව (Telangana Tourism) සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරක සේවා සමාගම් නියෝජිතයන් ඇතුළු 14 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට තෙලංගාන ප්‍රාන්තය දැකබලා ගැනීමට විශේෂ අවස්ථාවක් උදා කර දුන්නේය.
මෙහිදී එම කණ්ඩායමට සංචාරක මගපෙන්වන්නකුගේ සහයද සමගින් තෙලංගාන ප්‍රාන්තයේ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළුව ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමින් යුත් ස්ථාන රැසක් දැකබලා ගැනීමට අවස්ථාව ලැබිණි. ලොව විශාලතම බෞද්ධ සංස්කෘතික උද්‍යානය ලෙස සැලකෙන බුද්ධවානම් ව්‍යාපෘතිය මෙන්ම යුනෙස්කෝ උරුම ලෙස නම් කර ඇති නාගර්ජුන කොණ්ඩ සහ රාමප්පා සිද්ධස්ථාන ඇතුළු සුවිශේෂී ස්ථාන රැසක් මෙම සංචාරයට ඇතුළත් විය.
ඊට අමතරව පනිගිරි ප්‍රදේශයේ නීලකොන්ඩපල්ලි, කාකටිය රාජවංශය විසින් ඉදිකරන ලද වරංගල් කොටුව සහ ලක්නවරම් දූපත් දැකබලා ගැනීමටද කණ්ඩායමට අවස්ථාව උදා විය. සංචාරය අවසානයේදී ‘Wonderla Adventure Park’ වෙත ගොස් සිත් සේ විනෝද වීමටත්, හයිද්‍රාබාද් නගරයේ සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන රැසක් දැකබලා ගැනීමටත්, සාප්පු සවාරියේ යෙදීමටත් ඔවුන්ට අවස්ථාව සලසා දෙන ලදි. ශ්‍රීලංකන් ගුවන් සේවය සහ තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ තෙලංගාන ප්‍රාන්තය අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් වැදගත් පියවරකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් මෙරට සංචාරක නියෝජිතයන්ට තෙලංගාන සවාරියක්