IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රීලංකන් කාගෝ -’Freightos’ එකතුවෙන් දකුණු ආසියානු වෙළෙඳපොළට නව ඩිජිටල් පාලමක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඩිජිටල් වෙන්කිරීම් හා ගෙවීම් වේදිකාවක් වන Freightos හි ‘WebCargo’ සමග එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙම හවුල්කාරීත්වයෙන් ලොව පුරා භාණ්ඩ හුවමාරු කාර්යාල 10,000 කට අධික සංඛ්‍යාවකට ශ්‍රීලංකන් කාගෝ වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට, මිල ගණන් ඉල්ලු‍ම් කිරීමට, වෙන්කිරීම් සහ ගෙවීම් සිදුකිරීමට හැකියාව ලැබේ. 

“Freightos හි 'WebCargo' වේදිකාවට එකතු වීමෙන් අපගේ වෙන්කිරීම් ක්‍රියාවලිය ඩිජිටල් කිරීම පමණක් නොව, අලු‍ත් පාරිභෝගිකයන් වෙත අපගේ සේවා විවෘත කිරීමට ඉඩක් ලබා දෙනවා. Freightos  සමාගම විසින් ලබා දෙන මිල කළමනාකරණ සහ සැපයුම් පහසුකම් සේවා සමග ඒකාබද්ධ වීම තුළින් පාරිභෝගිකයන් විසින් සිය භාණ්ඩ ප්‍රවාහන සේවා තෝරාගැනීමේ ක්‍රියාවලියේ දී අපගේ සේවා ද දෘෂ්‍ය වීමෙන් පාරිභෝගිකයාගේ තීරණ ගැනීමේ අවස්ථාවේදී අපගේ සේවා තෝරාගැනීමට අවස්ථාව ලැබෙනවා.”‍ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය. 

මෙම හවුල්කාරීත්වයත් සමග WebCargo Pay පහසුකම ඔස්සේ වෙළෙඳපොළ සහභාගීත්වය පුළුල් කිරීම ඔස්සේ IATA නොවන ආසියාවේ භාණ්ඩ හුවමාරුකරුවන්ට (non-IATA forwarders) ගුවන් සමාගමකින් ලබා දෙන ණය හෝ බැංකු ඇපකර නොමැතිව ශ්‍රීලංකන් කාගෝ හි පහසුකම් වෙත ප්‍රවේශ විය හැක. මෙම පහසුකම්, විශේෂයෙන්ම ඉදිරියට එන කුඩා හා මධ්‍යම පරිමාණ භාණ්ඩ හුවමාරුකරුවන් (SMEs) සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. 

 



අදහස් (0)

ශ්‍රීලංකන් කාගෝ -’Freightos’ එකතුවෙන් දකුණු ආසියානු වෙළෙඳපොළට නව ඩිජිටල් පාලමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site