IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ශක්තිමත් ණය වර්ධනයක් සමග කොමර්ෂල් බැංකුව ඵලදායී ප්‍රතිඵල වාර්තා කරයි

2025 තුන්වැනි කාර්තුව අවසානයේ දී කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 268.49 ක දළ ආදායමක් සහ රුපියල් බිලියන 103.48 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කර ඇති අතර ණය පොතේ සියයට 34.60ක ශක්තිමත් වර්ධනය සහ පොලී වියදම් සීමා කිරීම මෙම ප්‍රශංසනීය කාර්ය සාධනයට දායක වී ඇත. 
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි 2025 සැප්තැම්බර් 30න් අවසන් මාස නවය සඳහා ශුද්ධ පොලි ආදායම සියයට 6.96 කින් වර්ධනය වී රුපියල් බිලියන 221.53 ක් වූ  අතර අරමුදල්වල පිරිවැය අඩු වීම සහ CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු වීම හේතුවෙන් එම කාලය සඳහා පොලී වියදම් රුපියල් බිලියන 188.05 ක් ලෙස නොවෙනස්ව පැවතී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස, සලකා බලන මාස නවය සඳහා වූ රුපියල් බිලියන 103.48 ක පොලී ආදායම දළ ආදායමේ සියයට 11.08 ක වර්ධනයට සාපේක්ෂව සියයට 16.30කින් ඉහළ ගොස් ඇත. තුන්වැනි කාර්තුවේ දළ ආදායම සියයට 16.37 කින් රුපියල් බිලියන 91.46 දක්වා වර්ධනය වූ අතර, මාස තුන සඳහා පොලී ආදායම රුපියල් බිලියන 74.88 ක් දක්වා සියයට 10.35 කින් වර්ධනය විය. මෙම කාලය තුළ ණය පොත රුපියල් බිලියන 58.51 ක මාසික සාමාන්‍යයකින් වර්ධනය විය.
“විචක්ෂණශීලි ලෙස ණය ලබාදෙමින් රටේ ආර්ථික වර්ධන ඉලක්ක සඳහා අපි උපරිම සහය ලබා දිය යුතු යැයි අප විශ්වාස කරනවා,” යැයි කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා පැවසීය. 
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසුවේය. ඵලදායිතාව කළමනාකරණය සහ පිරිවැය ප්‍රශස්තිකරණය කෙරෙහි අවධානය යොමු කිරීම සමග ණය පොතේ වර්ධනය පවත්වා ගැනීමට බැංකුව සතු හැකියාව, මාස නවය සඳහා මෙම ශක්තිමත් ප්‍රතිඵල වාර්තා කිරීමට බොහෝ සෙයින් උපකාරී වූවා. 2025 සැප්තැම්බර් 30 දින වන විට සියයට 39.92 ක් වූ CASA අනුපාතය කෙරෙහි බැංකුව දැඩි අවධානයක් යොමු කළ බවත්, එය 2024 වසරේ දෙසැම්බර් මස අවසානයේ සියයට 38.07 ක් සහ වසරකට පෙර සියයට 39.60 ක් ද වූ බවත්, එමගින් අරමුදල් වල පිරිවැය පාලනය කර ගැනීමට බැංකුවට හැකි වූ බවත් ඔහු පැවසීය.
සලකා බලන මාස නවය සඳහා සමස්ත මෙහෙයුම්  ආදායම රුපියල් බිලියන 140.49 ක් දක්වා සියයට 21.41 කින් වැඩි වූ අතර සමූහයේ හානිපූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා වෙන් කිරීම් සියයට 28.21 කින් අඩු වී රුපියල් බිලියන 14.37ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පෙර වසරේ එම අගයට ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ^SLISB& සඳහා බැංකුව සතුව තිබූ අතිරේක ප්‍රතිපාදන ඇතුලත් කර තිබීමය. 2025 තුන්වැනි කාර්තුව සඳහා සමූහය රුපියල් බිලියන 47.74 ක මුළු මෙහෙයුම් ආදායමක් වාර්තා කළ අතර එය සියයට 24.13 ක වර්ධනයකි.
මාස නවය සඳහා සමූහය රුපියල් බිලියන 126.13 ක ශුද්ධ මෙහෙයුම් ආදායමක් වාර්තා කළ අතර එය සියයට 31.79 ක ආකර්ෂණීය වර්ධනයක් පිළිබිඹු කළේය. මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 39.41 ක් ලෙස පවත්වා ගෙන ගිය අතර එය සියයට 8.00 ක වැඩි වීමක් පමණක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාබය සැලකිය යුතු ලෙස සියයට 46.46 කින් වර්ධනය වී රුපියල් බිලියන 86.71 ක් විය.
මූල්‍ය සේවා සඳහා බදු රුපියල් බිලියන 13.36 දක්වා සියයට 50.72 කින් ඉහළ ගොස් ඇති අතර එමගින් මාස නවය සඳහා සමූහයේ බදු ගෙවීමට පෙර ලාබය රුපියල් බිලියන 73.35 ක් වූ අතර එය සියයට 45.71ක වර්ධනයක් විය. ආදායම් බදු රුපියල් බිලියන 25.33 ක් දක්වා සියයට 34.71 කින් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචනය කරන ලද මාස නවය තුළ සමූහයේ ශුද්ධ ලාබය රුපියල් බිලියන 48.02 ක් විය. එය සියයට 52.27 ක ආකර්ෂණීය වර්ධනයකි. වසරේ තුන්වැනි කාර්තුව සඳහා සමූහයේ ශුද්ධ ලාබය රුපියල් බිලියන 16.86ක් වන අතර එය සියයට 33.38 ක වර්ධනයකි.



අදහස් (0)

ශක්තිමත් ණය වර්ධනයක් සමග කොමර්ෂල් බැංකුව ඵලදායී ප්‍රතිඵල වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 163 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site