IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වී සහතික මිල ඉක්මනින් ඕනෑ - ගොවි සංවිධානය

වී කිලෝව දැන් අලෙවි වන්නේ රු. 95ට රු. 100ට
රු. 120ට වැඩ මිලක් ඕනෑ


යොහාන් භාසුර


වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මනින් වී සඳහා සාධාරණ මිලක් ඉදිරිපත් කළ යුතු බවත් ගොවි සංවිධාන පවසයි.
වීවලට සාධාරණ මිලක් නොදුනහොත් හතු පිපෙනවා මෙන් පාරවල්වල ජනතාව පිරෙනු ඇති බවත් එදාට ආණ්ඩුවට උත්තර දීමට සිදුවනු ඇති බවත් ගොවි සංවිධානය සඳහන් කළේය.
නැගෙනහිර සහ උතුරුමැද පළාතේ බොහෝ ස්ථානවල මහ කන්නයේ වී අස්වැන්න නෙළීම ආරම්භ කර පෞද්ගලික ව්‍යාපාරිකයන් වී කිලෝවක් රුපියල් 95 ට 100 ට මිලදී ගනිමින් සිටින බවත් එම මිලට වී අලෙවි කිරීමෙන් ගොවීන්ට වියදම හෝ ආවරණය කරගැනීමේ හැකියාව නොමැති බවත් ගොවි සංවිධාන සඳහන් කරයි.
පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලයට වී මිලදී ගැනීමෙන් පසුව ආණ්ඩුව වී සඳහා සහතික මිලක් පැනවීමෙන් ඵලක් නොමැති බව කියන ගොවි සංවිධාන ඒ සඳහා ආණ්ඩුව මීට වඩා කාර්යක්‍ෂම විය යුතු බවද සඳහන් කරයි.
ගොවි අරගල ව්‍යාපාරයේ දිස්ත්‍රික් සංවිධායක පී.කේ.ඩී. විජේරත්න මහතා පැවසුවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් ගොවීන් ළඟට ගොස් වී තුට්ටු දෙකට ගනිමින් සිටින බවත් අඩු මුදලට වී ගත්තද ඔවුන් හාල් කිලෝවක් රුපියල් 230 ට අලෙවි නොකරන බවත්ය.
වී කිලෝවක මිල කඩිනමින් තීරණය කළ යුතු බවත් අවම වශයෙන් වී කිලෝවක මිල රුපියල් 120 ක ඉක්මවිය යුතු බව කී විජේරත්න මහතා එවැනි මිලක් ලැබුණොත් පමණක් ගොවියාට සාධාරණයක් වන බවද කීය.
අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා පැවසුවේ වී කිලෝවකට රුපියල් 140 ක් ඉල්ලා සිටීම අසාධාරණ යැයි ගොවීන්ට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරමින් සිටි වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති බවත් ඔහු ගොවියාගේ දායකත්වය ප්‍රශ්න කිරීමට ගැටලු‍සහගත බවත්ය.

 



අදහස් (0)

වී සහතික මිල ඉක්මනින් ඕනෑ - ගොවි සංවිධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site