IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වෙළෙඳ ක්‍රමයේ නීති ලිහිල් කිරීමේ බ්‍රිතාන්‍ය තීරණයට ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ ප්‍රසාදය

විමුක්ති එස් රුද්‍රිගු


සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා පවතින වෙළෙඳ ක්‍රමයේ නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පෙරේදා (19) ප්‍රකාශ කළේය.
වෙළෙඳ නීති ලිහිල් කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයට අපනයනය කරන ඇඟලු‍ම් නිෂ්පාදන සඳහා ලෝකයේ ඕනෑම රටකින් සියයට සියයක් ප්‍රතිශතයක් දක්වා ඒ ඒ ඇඟලු‍ම් නිෂ්පාදන මත පදනම්ව මෙරටට අමුද්‍රව්‍ය ගෙන්වා නිෂ්පාදන කටයුතු සිදුකිරීමට මෙරට ඇඟලු‍ම් නිෂ්පාදකයන්ට අවස්ථාව හිමිවේ. ලිහිල් කළ නීති ලබන වසර මුලදී ක්‍රියාත්මක වීමට නියමිතය. මෙරට ඇඟලු‍ම් නිෂ්පාදන සඳහා බ්‍රිතාන්‍ය ඉතා වැදගත් වෙළෙඳපොළක් බවද එම සංසදය පැවැසුවේය. ලිහිල් කරන ලද නීති හේතුවෙන් මෙරට ඇඟලු‍ම් නිෂ්පාදකයන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ වඩාත් ඵලදායී ලෙස තරඟ කිරීමට අවස්ථාව ලැබෙන බවත් අමු ද්‍රව්‍ය ලබාගැනීමේ උපාය මාර්ග විවිධාංගීකරණය කිරීමට අවස්ථාව හිමිවන බවත් එම සංසදය පෙන්වා දුන්නේය. 



අදහස් (0)

වෙළෙඳ ක්‍රමයේ නීති ලිහිල් කිරීමේ බ්‍රිතාන්‍ය තීරණයට ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ ප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16885 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site