රථ වාහන ආනයනයේ දී ගනුදෙනුකරුවන්ට ලබාදිය හැකි ණය සීමා අලුතින් තීරණය කර ඇත. විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීම සඳහා මහ බැංකුව ගෙන ඇති මෙම පියවර වෙළෙඳ පොළ කෙරෙහි සියුම් බලපෑමක් විය හැකිය. ආර්ථිකය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවරක් වශයෙන් සලකා ආයෝජන විශ්වාසය ඇති කරනු ඇත.
මෙරට ලියා පදිංචිකරන ලද වසරකට වඩා පැරණි නොවන වාහනවලට නිකුත් කළ හැකි ණය සියයට අසූවක් දක්වා නියම කිරීමෙන් අභ්‍යන්තර හුවමාරුව දියුණුවනු ඇති අතර ආනයනය කරන අලුත් වාහන සඳහා වාණිජ වාහන සඳහා සියයට 80 ක් හා කාර් සඳහා සියයට 60 ක් ලෙස පනවන ණය ප්‍රතිශත ආනයන දුර්මුඛ කරනු ඇතැයි සැලකේ.
අද දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී සුපුරුදු පරිදි බැංකු, මූල්‍ය, රක්ෂණ, වැවිලි හා නිෂ්පාදන අංශවල සමාගම්වල මිල දී ගැනීම් සක්‍රීය කරනු ඇත. සංචාරක හෝටල අංශයට ද එය ව්‍යාප්ත වී ඇති බව ඉකුත් සතිය අවසානයේ සනිටුහන් කළේය. සිකුරාදා නැවතත් මිල දී ගැනීමේ උන්නදුවන ඉහළ ගිය අතර අද තවත් වටයකින් එම පැවැත්ම අපේක්ෂා කෙරේ.
සියලු කොටස් මිල දර්ශකය (ජුලි 18) ඒකක 18,973.70 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 96.85 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,655.43 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 26.50 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 7.60 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 37,702 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 350.0 ක් විය. සමාගම් 152 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 91 කි. විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 1990.9 ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 1617.0 කි. විදේශ වෙළෙඳාමෙන් රුපියල් මිලියන 373 ක ශුද්ධ වාසියක් ලැබී තිබේ.
ජෝන් කීල්ස් රුපියල් මිලියන 275ක්, කැපිටල් ඇලයන්ස් රුපියල් මිලියන 266ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 217 ක්, හෙල ඇපරල් රුපියල් මිලියන 175 ක්, සෙන්ට්‍රල් ඉන්ඩ්‍රස්ට්‍රීස් නිෂ්ඡන්ද රුපියල් මිලියන 174 ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
560
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳපොළ විශ්වාසය ඇති කළ විනිමය ආරක්ෂක පියවර