IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෙළෙඳපොළ වර්ධනයක් අපේක්ෂා කළ හැකි පසුබිමක්

මෙම සතිය ආරම්භයේ දින දෙකක කොටස් මිල දර්ශකය පහත වැටුණු අතර අද දිනයේ දී මිල දී ගැනීමේ ප්‍රවණතාවක් අපේක්ෂා කළ හැකිය. අවම වශයෙන් පසුබෑමට පත් වූ දර්ශක යම් ස්ථානයක් දක්වා ආපසු පිබිදීමක් සිදුවීමට ඉඩ තිබේ.
සංචාරක කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම බලකාය මගින් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය අරමුණු කරගෙන අලුත් අදහස් යෝජනා කරනු ඇති අතර එමගින් වැඩි සංචාරක පිරිසක් ගෙන්වාගැනීම ආර්ථිකයට වාසිදායකය. රජයේ තීරණය අනුව රටවල් හතළිහකට වීසා ගාස්තු නිදහසක් ලබා දී ඇති අතර මේ හා සමාන අලුත් පැති කාර්ය සාධන බළකායේ අවධානයට ගත හැකිවේ. සංචාරක හා හෝටල් අංශයට අයත් ලැයිස්තුගතත සමාගම්වල කොටස් මිල සඳහා මෙම තීරණ ඉදිරියේ දී  යම් බලපෑමක් නිර්මාණය කරනු ඇත.
සියලු කොටස් මිල දර්ශකය ඊයේ (අගෝ. 05) ඒකක 19,718.00 ක් දක්වා පහත වැටිණ විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 68.23 ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,830.29 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 27.32 ක පහළ යාමක් සේ  වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 3.30 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 28,081 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 157.4 ක් විය. සමාගම් 111 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 141 කි.  
දිනයේ ආරම්භයේ දී වර්ධනයක තිබුණ වෙළෙඳපොළ ස්වභාවයපැය භාගයක් ඇතුලත වේගයෙන් දුර්වල වූ අතර දිනය අවසන් වන විට යම් ප්‍රමාණයක ආපසු පැමිණියේය. මෙම සතියේ මුල් දිනයේ දී කලින් සතියට වඩා පිරිවැටුමේ සාමාන්‍ය අඩු වූ අතර ඊයේ එය තවත් පහත වැටී තිබුණි. කොටස් මිල දී ගැනීම හා සමානව විකිණීමට සූදානමක් නැති සුළු ආයෝජක පිරිසක් ද සිටින බව දැක්විය හැකිය.
ජෝන් කීල්ස් රුපියල් මිලියන 277ක්, සෙලින්කෝ හෝලිඩිං රුපියල් මිලියන 122 ක්, එන්. ඩී. බී. රුපියල් මිලියන 109 ක්,  ඩී.එෆ්.සී.සී. රුපියල් මිලියන 104 ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 103 ක්, හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද රුපියල් මිලියන 98 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 85 ක්, හේමාස් හෝල්ඩිං රුපියල් මිලියන 81 ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 78 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 
නිරීක්ෂක



අදහස් (0)

වෙළෙඳපොළ වර්ධනයක් අපේක්ෂා කළ හැකි පසුබිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site