IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙළෙඳපොළ දර්ශක තවදුරටත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී තවදුරටත් වර්ධනයක් දක්වන ලද අතර එස්.ඇන්ඩී.පී ශ්‍රී ලංකා දර්ශකය ඒකක 5,000 ඉක්මවීය. අද දිනයේ පවතින සක්‍රීයභාවය අනුව සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 17,000 දක්වා නැවත තවත් වටයකින් තහවුරු විය හැකි ස්වභාවයක් දැක්වේ. ගනුදෙනුවල දී අඛණ්ඩ පිබිදීමක් නිරීක්ෂණය කළ හැකි වූ අතර සමාගම් තිස් හයක කොටස් මිල සති පනස් දෙකක කාලය තුළ ඉහළම අගයකට පැමිණ තිබේ. සමාගම් පහක පමණක් කොටස් මිල සති පනස් දෙකක ඉතිහාසයේ අවම අගය තවමත් පවතී.

ශ්‍රී ලංකාවේ බදු අය කරගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරගැනීමේ අරමුණ සහිතව බදු සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම කාලය තුළ “ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්” වශයෙන් පියවර ගැනේ. දැනට පුද්ගල බදු ලිපිගොනු මිලියන දහයක් විවෘත කර ඇති බව දැක්වේ. කෙසේ වෙතත් මෙම බදු ලිපිගොනු සමග වාණිජ බැංකු තැන්පත් ඇතුළු අංශ වෙනුවට කොටස් වෙළෙඳපොළ ආයෝජනය පුළුල් වනු ඇතැයි විශ්වාස කෙරේ. 

ඊයේ (ජුනි 02) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,979.89 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 125.03 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,034.92 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 53.35 ක ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 39,274 ක් වාර්තා වූ අතර සමාගම් 113 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 111 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 5,862.06 ක් විය. කොටස් මිලියන 363.3 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින විදේශ ගනුදෙනුවල දී රු. මිලියන 165.9 ක කොටස් මිල දී ගෙන ඇත. ශුද්ධ විකිණීම රු. මිලියන 168.6 කි. තවමත් විදේශ ආයෝජකයන්ගේ විකිණීමේ ප්‍රවණතාව පවතී.

නිරීක්ෂක



අදහස් (0)

වෙළෙඳපොළ දර්ශක තවදුරටත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site