IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙළඳපොල ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන හය ඉක්මවයි

ඉකුත් දින විස්සක කාලයේ කැපීපෙනෙන ආකාරයකට දර්ශක පහත වැටුණ දින ගණන එකකට සීමාවන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ සියුම් වර්ධනයක තිබීම ආයෝජන අංශවල අවධානයට ලක් විය යුතුව තිබේ. උච්ඡාවචන සිදුවන නමුත් ක්‍රමයෙන් එය මෙම වසරේ පෙබරවාරි මැද ඉහළටම පැමිණි සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,193.79 දක්වා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් නියාමන අංශ සහ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් පවතින පසුබිම අවධානයට ගත යුතුව ඇත.
ඊයේ (මැයි 28) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,712.87 ක් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 55.24 ක වර්ධනයකි. එස්.ඇන්.ඩී.පී ශ්‍රී ලංකා දර්ශකය 4,918.62 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 9.55 ක ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 23,406 ක් වාර්තා වූ අතර, සමාගම් 136 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 102 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 4,272.15 ක් විය. කොටස් මිලියන 208.0 ක් හුවමාරු වූ බව දැක්වේ. වටවල කොටසකට 1.30 ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. ස්විස්ටෙක් කොටසකට ශත 35 ක්, ලංකාටයිල් කොටසකට ශත හතළිහක්, එල්.බී.ෆිනෑන්ස් කොටසකට රු. 4.25ක්, ඒෂියන් හොටෙල් කොටසකට ශතපහක් වශයෙන් ප්‍රතිලාභ ප්‍රකාශ කරයි.  හේමාස් හෝල්ඩිං රු. මිලියන 255 ක්, ඩයලොග් රු. මිලියන 175 ක්, හැටන් නැෂනල් රු. මිලියන 167 ක්, ඒ.සී.එල්. රු. මිලියන 163 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 144 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 140 ක්, සියෙරා කේබල් රු. මිලියන 132 ක්, වටවල රු. මිලියන 117 ක්, එල්.ඕ.එල්.සී. හෝල්ඩිං රු. මිලියන 104 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 95 ක්, සම්පත් බැංකුව රු. මිලියන 87 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 87 ක්, කාර්ගිල්ස් බැංකුව රු. මිලියන 80 ක්, ජැට් හෝල්ඩිං රු. මිලියන 78 ක්, සහ ඩිජිටල් මොබිලිටි රු. මිලියන 75 ක්, වශයෙන් කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
නිරීක්ෂක



අදහස් (0)

වෙළඳපොල ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන හය ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site