ඉල්ලූමට සරිලන සැපයුම තෘප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට ස්වයංක‍්‍රීයව වාහන එකළස් කිරීමේ පද්ධතියක් සහිත කර්මාන්ත ශාලාවක් පොල්ගහවෙල ප‍්‍රදේශයේ ඉදිකිරීමට සැළසුම් කර ඇතැයි මයික්‍රෝ සමාගමේ ප‍්‍රධානී ආචාර්ය ලෝරන්ස් පෙරේරා පවසයි. වසර දොළහකදී නව සමාගම ලබා ඇති සාර්ථකත්වය ගැන තමා ඉතා සතුටුවන බවත් දැනට නේපාලයට වාහන අපනයනය, කරන බවත් ඉදිරියේදී පාකිස්ථානය හා බංගලාදේශය වැනි රටවල්වලට මයික්‍රෝ වාහන අපනයනය කිරීම ගැන සාකච්ඡා පවත්වන බවත් ඔහු කියයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයික් එකක් එහෙමත් ඉක්මනට හදන්න....ජය වේවා !
රොබෝලා පූට්ටු කරයි...අපිට පූට්ටුවක් දාගන්න තමයි තැනක් නැත්තේ.......
නරකද මයික්‍රෝ කාර් අපේ දේශපාලකයින්ටත් දෙනවනම්.එතකොය ආනයන වියදමත් අඩු කර ගන්න පුලුව්න නේද?මේ කමගේ අහිංසක යෝජනාවක් විතරයි හොදද?
ප්‍රනාන්දු,ඔබ හරි.අපි අපේ තාක්ෂණය දියුණු කර ගන්න ඕනි.නමුත් අපි යැපෙන්නේ තාමත් ඉන්දියාව සහ චීනය මත.අපි අපේම ක්‍රමයක් හදා ගන්න ඕනි
පියල් ගේ කතාව ඇත්ත, මම මෙහෙ පාවිච්චි කරන්නේ 2011 ටොයෝට Camry කාරයක් , එක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ රු. ලක්ෂ 24 කට , ලංකාවේ ඒ කාරය ලක්ෂ 90 පනින්නේ කොහොමද? මෙහෙ ලක්ෂ 90 ක් දීල අලුත්ම BMW එකක් ගත හැකි. 300 % විතර ගහන බදු මුදල් වලට මොකෝ වෙන්නේ. මේක බද්දක් නොවෙයි මන්කොල්ලයක්නේ. මම ලගදී ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ, මේ කාරය විකුණලා ලංකාවෙන් එකක් ගන්න වෙනවා පාවිච්චියට, ලක්ෂ 24 කට මොකක්ද ගන්න පුළුවන් 2000 මොඩෙල් පොඩි corolla එකක් තමයි ගන්න වෙන්නේ. ලංකාවේ ජීවන වියදම ඇමෙරිකාවටත් වැඩියි. මෙහෙ පෙට්‍රල් ගැලුමක් dollar 4.00 යි ලීටරයක් රු. 122.00 විතර වෙන්නේ. නමුත් ලෝක වෙළද පොලේ තෙල් අඩු වුන ගමන් ඕක $ 3.50 විතර බහිනවා එකපාරටම (ලීටරය රු. 108.00). ලංකාවෙනම් වැඩි උනොත් අයේ ලින් වතුර තෙල් උනත් මිල අඩු වෙනවා බොරු. අපේ තෙල් හාරලවත් බලමු, නැත්නම් වතුරෙන් දුවන වාහන හදමු, නැත්නම් අර තිරික්කල ටික සුද්ද කරලා ගමු.
නියමයි, ඉන්දියන් බයික් වලට හරියන්න බයික් එකකුත් හැදුවනම් නියමයි...
ලංකාවේ න්‍යාය තමයි පෙට්‍රල් අඩුවෙන් වැඩ කිරීම.පිටරට වල න්‍යාය තමයි ආරක්ෂාව,සැප පහසුව, කල්පැවැත්ම.අපේ රටේ ඉන්දියන් ඩක්කු ජනප්‍රිය ඒකයි
නියමයි, ඔබට ජාතියේ උපහාරය ........
හොද වැඩක්.රොබෝලා දාලා හරි කමක්නෑ අපිට හොද බයික් එකක්වත් ලැබෙනවා නම්
කයිරොන්,රෙක්ස්ටන් කියන්නෙ කොරියන් සැංග්යෝන්ග් කයිරොන් සැංග්යෝන්ග් රෙක්ස්ටන් (Ssangyong)කියන වාහනේටයි.
මයික්‍රෝ වාහන අන්තිමයි !!
micro car වල තත්ත්වය වැඩි දියුනු කිරීමට දැන් කාලය පැමිණ ඇත
පියල්ගෙ සහ ඉශාන්ගෙ අදහස් ඉතාම හොදයි...
නියමයි,ඉන්දියන් කාර් වැටෙන්න ගහන්න ඔබට ජාතියේ උපහාරය ........
නියමයි.....චීන ,ජපන් කාර් වැටෙන්න ගහන්න, ඉන්දියන් බයික් වැටෙන්න ගහන්න...
අපේ රටේ ආරක්ෂාව පිළිබද සහතිකයක් නැහැ.. ගොඩක් රියදුරන් seat belts සහ air bags ගැන දන්නේ නැහැ. seat belts පළදන්නේ නැහ.. දන්නේ නැහැ air bags වැඩකරයිද දන්නෙ නැහැ.. පළමුව මහාමාර්ග දෙපාර්තමේන්තුව ආරක්ෂා පරීක්ෂක සහ හානි පිළිබද වාර්තාවක් ලබා ගත යුතුයි. (safety cheek and crash reports) මම දන්නා තරමින් චීනයෙන් ආනයනය කරන වාහන safety reporters අසමත්ය..
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය) http://en.wikipedia.org/wiki/Rapid_transit
ඉන්දියවෙන් ගෙන්වන වාහන ප්‍රමානය අඩු කර ම්යික්‍රො වාහන ලන්කාවෙ භාවිතා කරන්න.ම්යික්‍රො ආයතනයට ජය.ම්යික්‍රො ආයතනය ලාන්කික අපි අගය කරනවා
නියමයි ලංකාවේ කාර් /බයික්..
වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් කියන්නේ සියලු අමතර කොටස් එකතැනකට ගෙන්නාගෙන එකතු කර වාහනය පුට්ටු කරන තැනටයි ...ජපානයේ නම් මේ සියලු අමතර කොටස් හදන්නේ මවු සමාගම විසින් සබ් ඒජන්ත සමාගම් වලට කොන්තරාත් ලබා දීලයි ..එතකොට මේ හැම කොටසක්ම හදන්න කොම්පැනි ගොඩක් පවත්වාගෙන යනවා ..කොටින්ම කියනවා නම් සබ් ඒජන්ත සමාගම් නොසෑහෙන්න තියෙනවා .. ඒ නිසා රැකියාවලුත් නොසෑහෙන්න තියෙනවා ... නමුත් ලංකාවේ මයික්‍රෝ එක මේ වෙනකම් කලේ සියලු අමතර කොටස් චීනයෙන් හරි කොරියාවෙන් හරි ඉතාලියෙන් හරි ලංකාවට ගෙන්නාගෙන ලංකාවේදී ඒවා එකලස් කර මයික්‍රෝ නම බාවිත කර ලංකාවේ විකිණීමයි .. නමුත් දැන් වෙන්න යන්නේ මේ ලංකාවේ එකලස් කල සමාගමේත් හිටිය සුළු සේවක පිරිස අතහැර රොබෝ වරුන් මගින් වාහන එකලස් කරන ක්‍රමයට යන්නයි ... [ වාහන බොඩිය වැල්ඩින් කිරීම, ඇන සවිකිරීම වගේ දේවලුත් - කෙසේ වෙතත් සේවකයෙක් මගින් මෙය කරනවට වඩා රොබෝ කෙනෙක් මගින් මේවා කරගත්තම වාහනයේ ශක්තිය ආරක්ෂාව නම් ඉහලයි ,ඒ වගේම සමාගමටත් ඉතාම ලාබදායකයි ..වැඩෙත් ඉක්මනින් වෙනවා . ] .. එතකොට මේ මයික්‍රෝ එක කොච්චර දුරට දේශීය සමාගමක් වෙනවද කියන එක මටනම් තේරෙන්නේ නැ... නමුත් එක පැත්තකින් නම් දේශීය වෙනවා .. එනම් එහි හිමිකරු ලාංකිකයෙක් සහ සමාගම තියෙන්නේ ලංකාව තුල නිසා .. එච්චරයි ..තව දෙයක් නම් උදාහරණයක් ලෙස ජපානයේ ටොයෝටා වාහනයක් හදන්න යන වියදම ගැන කතා කලොත් ටොයෝටා එක ජපානය තුල තම වාහන වලට අවශ්‍ය සියලුම කොටස් හදන්න එක එක අංශ වලට කොටස් වෙන්කර ඒ සඳහා ඒජන්ත සමාගම් වලට පවරලයි තියෙන්නේ .. මේ සමාගම් මුළු රටේ හැම තැනකම තියෙනවා ඒ නිසා ඒවල අති විශාල සේවක පිරිසක් වැඩ කරනවා .[ මේ හැම සේවකයෙක්ම තමන්ට පැවරිලා තියෙන වැඩය ඉතාම වගකීමෙන් කරන බව කිවයුතුමයි ].එහෙම කරලත් උදාහරණයක් විදියට බ්‍රෑන්ඩ් නිවු ටොයෝටා කොරොල්ලා එකක් ටොයෝටා සමාගම විකුනන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 20 කට වඩා අඩුවෙන් .. ඒ තුල සමාගමේ ලාබය සහ ආණ්ඩුවට ගෙවන බදුද ඇතුලත් .... නමුත් ලංකාව ගෙන්වන ජපානයේ පාවිච්චිකළ කොරොල්ලා එකක් සඳහා ලංකාවේ ආණ්ඩුව කිසිදු වියදමක් නොකර කස්ටම් එක හරහා රුපියල් ලක්ෂ 25 කට වඩා හොයා ගන්නවා ...නමුත් ලංකාවේ ජනතාවට ඒ මගින් කිසිම සෙතක් ලැබෙන පාටක් නම් පෙන්නේ නැ ..
අපේ රටේ කොච්චර ඉන්නවාද ජොබ් නැතිව.. ඉතිං නරකද එයාලට ඒක කරන්න දුන්නොත්.? නව තාක්ෂණය හොදයි... හැබැයි අපිට මේක නැතිව බැරිද?
ලොරන්ස් මහත්මයාණි...ඔබට ජයේන් ජය වේවා... දියුනුවේන් දියුනුවට පත්වේවා... ස්තුතියි
නිපුණ කියන එකේ ඇත්තකුත් තියෙනවා.ඇත්තටම අපේමයි කියලා වාහනයක් හදන්න අපිට බැරිද?
හොඳයි.....බයික් එකකුත් ඉක්මනට හදනවනම් රටට ලොකු සේවයක්....
"වාහන පූට්ටුවට රොබෝවරුන්" රොබෝවරුන්ගේ මැදිහත්වීමෙන් තොරව මෙම ක්‍රියාවලිය වාහන අතර ස්වයංක්‍රීයව සිදුවනවානම් වඩාත් ඵලදායකයි.
බලාගෙන ගියහම මේක හරියට චීන ගෑනියෙක් ගෙනැල්ල සිංහල නමක් දැම්ම වගේ වැඩක්නේ...
micro අන්තිමයි, ඔක්කොම china and korian. පෙට්‍රල් වැඩ කරන්නෙත් නෑ...
නියමයි ලෝරන්ස් මහත්තයෝ............සිය රට දේ සිරි සැප දේ...ජයෙන් ජය !
ඔය තියෙන්නේ වැඩ.....!!!! එල කිරි
බයික් එකක් හදල මාකට් එකට දැම්මනම් වැඩේ නැගල යාවී...
ඉන්දියාවේ කබල් ටාටා වෙනුවට අර සී.ටි.බි එකට දීල තියන මයික්‍රෝ ලොකු බස් අඩුවට දෙන්න බැරිද ?ඒකනම් නියම බස් ඒක .
මයික්‍රෝ මොන රොබෝ හරි ගෙනල්ල මගේ කාර් එකත් පූට්ටු කරලා දෙන්න ඉක්මනට. සල්ලි ගෙවල දැන් මාස 6 කටත් වැඩියි. හෙට දෙනවා හෙට දෙනවා කිය කියා බොරුවට පව් පුරෝගන්නවා බොරු කියලා.
micro වාහන අන්කිම සවුත්තුයි. මට තියෙන්නෙ micro කාර් එකක්. පෙට්ට්‍රල් වැඩ කරන්නෙ නෑ ලෙඩ ගොඩක් made in Sri Lanka කියලා ගාන කපා ගන්නවා....
සිය රට දේ සිරි සැප දේ....
අනේ හොදයි. ඕක නිසා පොල්ගහවෙලට යන පාරවත් හොදට හැදුනොත් අපිට ඒකවත් ලොකු උදව්වක්.
micro වාහන අනෙක් වාහන ළගින්වත් තියන්න බැහැ. අමතර කොටස් ගණන් වැඩියි... අපේ කම කියල මිනිසුන්ව අන්දනවා.. ගානත් වැඩියි..
මට තියෙන්නෙ micro trend කාර් එකක්. අරගෙන අවුරුදු දෙකේදී ගැස්කට් එක ගිහින් අලුතෙන් දැම්මා. දැන් පවර් වින්ඩෝස් වැඩ කරන්නේ නැහැ. මාර ලෙඩ ගොඩක් made in Sri Lanka කියලා අපි අහුවුනා. අන්කිම සවුත්තුයි.
උණුසුම් කොල්ලා 2012-06-11 16:44:15 "වාහන පූට්ටුවට රොබෝවරුන්" රොබෝවරුන්ගේ මැදිහත්වීමෙන් තොරව මෙම ක්‍රියාවලිය වාහන අතර ස්වයංක්‍රීයව සිදුවනවානම් වඩාත් ඵලදායකයි. මාර කමෙන්ට් එකක් මල්ලී.මාරයි
මයික්‍රෝ සමාගමට අපි අත දෙන්න ඕන හොඳ තාක්ෂණයක් අපේ කට්ටියට තියෙනවා. එහෙම නම් මුලදී අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඕන. මොන වුනත් අපේම නිශ්පාදන එලියට දෙන්නට අපි සුභ පතමු. මන් ඉන්නේ ඩුබායි වල . මෙහෙ වාහන මිල බලද්දී සාමාන්‍ය කම්කරුවකුගේ මාස දෙකක වැටුපකින් වහනයක් ගන්න පුළුවන්. එවන් දවසක් අපේ රටටත් උදා වේවි යැයි සිතමු.
අපේ ආණ්ඩුවට බැරිද ඉන්දියාවෙන් වාහන ගෙන්වන එක නතර කරලා මයික්‍රෝ එකට පොඩි තල්ලුවක් දෙන්න
ඉතාම හොඳයි..ටිකක් හරි ලාංකිකකමක් තියනවනේ...
මෙන්න වැඩ ...ඕව තමයි ඕන . අපේ තරුණයෝ උනන්දු වෙන්න
මයික්‍රෝ සමාගමෙන් වාහන හදන්නෑ මයික්‍රෝ කියන නම දාල එකලස් කරනව විතරයි. උදාහරණයක් ලෙස මයික්‍රෝ පැන්ඩා කියන්නෙ චීනයේ Gheely panda කියන වාහනේටම තමා, නම විතරයි වෙනස්. Gheely panda කියන්නෙ එච්චර හෙඳ වාහනයක් නෙමෙයි. Micro Trend, Micro MX7 ගැනත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමා. මයිකෝ ල ගෙනාපු කයිරොන්, රෙක්ස්ටන් වගේ වාහන නම් ටිකක් හෙඳයි. මෙතන ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහත්තයට කරන්න තියෙන්නෙ Perodua VIVA Elite කියන වාහනේ ආදර්ශයට අරගෙන හොඳ ජපන් එන්ජිමක් දාල ඉතිරි ටික ලංකාවෙ හදල වාහනයක් හඳුන්වල දෙන එකයි නිකන් බාල චීන වාහන ගෙන්නල මිනිස්සු රවට්ටන්නෙ නැතුව.
රට යවන්න කලින් මෙහේ මාකට් 1 හදාගෙන ඉන්න...මෙහේ අපි මාස 3,4 බලන් ඉන්න ඕන කාර් එකක් ගන්න...
මේ රැවටෙන්න එපා. අපියි කියල ජරාව ගන්න එපා. මොකද අපේ දේශපාලකයෝ තාම ඇනවුම් කරන්නේ ජපන් පැජරේ සහ ඒරෝප්පෙන් එන වොල්වෝ. ඉතින් අපි විතරක් අපේ දේවල් ගන්නේ ඇයි අනේ කියන්නකෝ.
Micro එකෙන් කොච්චර වාහන හැදුවත් වැඩක් නැහැ, ඒවත් රටින් ගෙන්වන ගානටම දෙනවනම්. ඒක නිසා ඉස්සරවෙලා ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථිකයට හරියන වාහනයක් හදල ලංකාවේ වෙළදපොල අල්ලගන්න. නැත්නම් හැමදාම ඉන්දිවට සහ ජපානයට ණය ගෙව ගෙව ඉන්න වෙන්නේ
පියල් කියන කතාව හරියට හරි.