IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වසර 200 ක් පිරීමේ කෝපි මහෝත්සවය මහනුවරදී


එච්.එම්. හේරත් - මැණික්හින්න 


ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද කෝපි මහෝත්සවය  “Coffee Festival - 2025” කෝපි ව්‍යවසාය ප්‍රවර්ධන වැඩසටහන හා වෙළෙඳ ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණ.

කෝපි ව්‍යවසායකයන් ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ දී කෝපි නව නිෂ්පාදන, අපනයන මට්ටමේ නිෂ්පාදන හා විවිධාංගිකරණයට ලක් කරන ලද භාණ්ඩ, ආහාර ප්‍රභේද හා කුළු බඩු විශේෂ පිළිබඳව දැනුම ලබාදීම හා පාරිභෝගිකයන්ට නිෂ්පාදන ලබා ගැනීමට මෙහිදී අවස්ථාව උදා කොට පැවතුණි.

කුළුබඩු බෝග වගාකරුවන්, ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නිරත ව්‍යවසායකයන්, නිෂ්පාදන විවිධාංගීකරණයට ලක්කරමින් අගය එකතු කිරීමේ නිරත ව්‍යවසායකයන්, කෝපි නිෂ්පාදන අපනයනකරුවන්, කෝපි නිෂ්පාදන ආශ්‍රිත යන්ත්‍ර නිෂ්පාදකයන්, ඇසුරුම්කරණ ක්‍රියාවලියේ නිරතව සිටින්නන් මෙන්ම සහතිකකරණය සිදු කරන ආයතන ඇතුළු සේවා සපයන ආයතන රැසක් මෙම ප්‍රදර්ශනය සඳහා දායකත්වය ලබාදී තිබුණි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, MDF ආයතනය සහ කෝපි සංගමය එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගී වූහ.

 



අදහස් (0)

වසර 200 ක් පිරීමේ කෝපි මහෝත්සවය මහනුවරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site