IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන හා අලෙවිකරණ සමාගම C Pearl White

C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. 
Business World International Organization ගල්කිස්ස මහ හෝටලයේදි සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා වයි. එම්. චන්දි ගුණරත්න මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී.
ස්වාභාවික සහ ඉක්මන් ප්‍රතිපල ගෙනෙන රූපලාවණ්‍ය විසඳුම් සොයන පාරිභෝගිකයන්ගේ තෝරා ගැනීම් අතර ඉදිරියෙන්ම ඇති C Pearl White රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇත්තේ ඉහළ ඉල්ලු‍මකි. ඒ සෑම නිෂ්පාදනයක්ම සියයට 100ක් සමට හිතකර අමුද්‍රව්‍යවලින් නිපදවා ඇත. බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදනවල මෙන් කිසිදු හානිකර සංඝටකයක් අඩංගු නොවන C Pearl White නිෂ්පාදන භාවිතයෙන් කිසිදු අතුරු බලපෑමක් ඇති නොවන බව සහතික කර තිබෙන බව එම සමාගම කියයි. C Pearl White රූපලාවණ්‍ය නිෂ්පාදන අතර වයිට්නින් ක්‍රීම්, ෆෙස් ක්‍රීම්, බොඩි ලෝෂන්, ලිප් බාම්, චාකෝල් සෝප්, හෙයාර් ඔයිල්, ෆෙස් වොෂ්, ටෝනර් ප්‍රධාන තැනක් ගනී. ඒවා කුරුලෑ, කැළැල්, බ්ලැක්හෙඩ්, වයිට්හෙඩ් වැනි සාමාන්‍ය සම ආශ්‍රිත ගැටලු‍ රැසකට විසඳුම් සපයයි. කාර්යක්ෂම මාර්ගගත අලෙවි වේදිකාවකට හිමිකම් කියන එම සමාගම සෑම විටම විශිෂ්ට පාරිභෝගික සේවාවක් තහවුරු කරයි.



අදහස් (0)

වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන හා අලෙවිකරණ සමාගම C Pearl White

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site