IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ව්‍යවසායකයන් නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවේ තුන්වැනි වෙළෙඳ ප‍්‍රදර්ශනය කොළඹදී




කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) නියෝජනය කරමින් ව්‍යවසායකයන් 200 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනයට සහ අලෙවි කිරීමට මෑතකදී කොළඹදී එක්රැස් වූහ.

දින තුනක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘නුගසෙවණ’ හි පැවති ප්‍රදර්ශනයෙහි විවිධ ව්‍යාපාර අංශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වෙළෙඳ කුටි ඇතුළත් විය. කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) මෙම ප්‍රදර්ශනයේ දී ඔවුන්ගේම වෙළෙඳ කුටි ඉදිරිපත් කළ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ රටේ කෘෂිකාර්මික අංශයට සේවා සපයන ආයතන කිහිපයක් ද මීට සහභාගී විය.

බැංකුව විසින් පිහිටුවන ලද කර්මාන්ත උපකාරක කවුළුවක් හරහා බැංකුවේ නියෝජිතයන් මෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), අපනයන සංවර්ධන මණ්ඩලය (IDB), ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරිය (SLSEA) සහ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) වැනි රාජ්‍ය ආයතනවලින් ප්‍රදර්ශකයන්ට සහ අමුත්තන්ට උපදෙස් ලබා දීම සිදු කරන ලදී.

ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෙසේ සංවිධානය කරන ලද තුන්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙළෙඳ ප්‍රදර්ශනය මෙයයි. 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට බැංකුව ලබා දී ඇති වැදගත්කම සනිටුහන් කරමින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් යන මහත්වරු සහ ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයන් විසිනි. සම්භාවනීය පුද්ගලයන් සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කිහිප දෙනෙක් ද මෙම වැඩසටහනට සහභාගී වූ අතර, ඔවුන් අතර IDB හි සභාපති රවී නිශ්ශංක , ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුර ආරියදාස, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ප්‍රධාන දේශීය නිලධාරී වික්ටර් ඇන්තනිපිල්ලෙයි සහ ADB හි ජ්‍යෙෂ්ඨ මූල්‍ය විශේෂඥ මනෝහරි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද වූහ. එමෙන් ම AIA හේලීස් සෝලා, හේලීස් ඇග්රිකල්චර් සහ ඩීමෝ ඇග්‍රි බිස්නස් යන ආයතනවල නියෝජිතයෝ ද සහභාගී වූහ.

 



අදහස් (0)

ව්‍යවසායකයන් නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවේ තුන්වැනි වෙළෙඳ ප‍්‍රදර්ශනය කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site