IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැනිලා අපනයනය අරඹයි

(මොහොමඩ් ආසික්) 
 
දේශීය අපනයන බෝගවල මිල ජාත්‍යන්තර වෙළඳපොළේ පහළ යාමට හේතුව ඒවාට විවිධ දේවල් මිශ්‍ර කර අපනයනය කිරීම බව අපනයන කෘෂීකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා කීය.
 
ශ්‍රී ලංකාවේ පළමු වරට මහනුවර වැනිලා වගා කරන්නන්ගේ සංගමය  ජපානයට වැනිලා අපනයනය කිරීම ආරම්භ කිරීමේ උත්සවයට අද (15) සහභාගී වෙමින් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ කිය. 
 
මහනුවර වත්තේගම රහස් ඇල්ල හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.
 
මහනුවර වැනිලා වගා කරන්නන්ගේ සංගමයේ සභාපති මුතුබණ්ඩාර මඩුගල්ලේ මහතාගේ මූලිකත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
 
ඒ සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කුමුදු කරුණාරත්න, ශ්‍රී ලංකා මහ බැංතුවේ මාතලේ ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකාරිණි විනීතා හේරත්, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ඩී.ජී. චන්ද්‍රා ජයතුංග‍ වයඹ පළාතේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන්  වේඩරුව යන මහත්ම මහත්මීන් සමඟ වැනිලා මිළ දී ගනු ලබන ජපන් නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.  
 
මහනුවර වැනිලා වගාකරන්නන්ගේ සංගමය මගින් දිවයින පුරා වගා කරනු ලබන ගුණාත්මක බවින්  ඉහළ වැනිලා අපනයනය කිරීම සඳහා වන ගිවිසුමට ජපන්  නියෝජිතයින් සහ සංගමයේ නියෝජිතයින් අතර අත්සන් තැබීම  මෙහිදී සිදු කෙරිණි.



අදහස් (1)

වැනිලා අපනයනය අරඹයි

saram Monday, 18 February 2019 07:47 AM

ඉහත සඳහන් වැනිලා වගාකරුවන්ගේ සංගමේ ආරම්භක සභාපති මඩුගල්ලේ මහතා සමග පුහුණු සැසියකදී ටික වෙලාවක් සුහද ලෙස කතා කිරීමට මට අවකාශ සැලසිනි. වගකීම ඉටු කිරීම, ඒ සඳහා සූදානම් වීම, අවදානම දැරීම, සුදුසුම තීරණ ගැනීම, කාර්ය සඳහා කැපවීම, ප්‍රතිඵල භුක්ති විඳීම මනාලෙස ශ්‍රී ලාංකීය ජාතියට පෙන්වා දියහැකි අද්විතීය චරිතයක් ලෙස මම ඔහු දකිමි. ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ ස්වර්ණමය යුගයේ උසස්ම තලයක ගෞරවනීය ලෙස සේවයේ නියුතුවසිට දැන් ශ්‍රී ලාංකීය වැනිලා නාමය ලෝකයේ උසස්ම තැනට ඔසවා තැබීමට උත්සාහ දරන ඔබ අද්විතීයයි. පුවත්පත් පිටු අතරින් ඔබගේ මෙහෙවර නොබෝදිනකදී දැකගැනීමට ලැබේවායි සහ ඒ සඳහා මාධ්‍යවේදීන්ට සිත් පහළවේවායි පතමි. ඔබට ආයු බොහෝ වේවා...!!!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 707 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site