IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විදේශ මිල දී ගැනීම් වැඩිවුණොත් වාසිදායක තත්වයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පහත දැමීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රාමුව අනුව විදුලිය බල ගාස්තු නැංවීමට අනිවාර්යයෙන් ක්‍රියාකිරීම අනුව ආර්ථිකය ඉදිරියට ගමන් කරන ආකාරය විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත්ව ඇත. ඉහළ ආකර්ශනයක් සහිත සමාගම්වල කොටස් කෙරෙහි විදේශ ආයෝජකයන්ගේ අභිලාශය වූ අතර ඒවායේ කොටස් හුවමාරුව අනුව එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය සුළු පහත වැටීමට බලපෑ බව දැක්විය හැකිය. මෙම සතියේ දී ද විදේශ ගනුදෙනු සක්‍රීයවුවහොත් තව දුරටත් වෙළෙඳ පොළ දර්ශක දියුණුවන පසුබිමක් පවතී.
සිකුරාදා (මැයි 23) ගනුදෙනු අවසන් වන විට විදේශ ආයෝජන වශයෙන් රු මිලියන 353.29 ක් ලැබී තිබුණ අතර විකිණීම් රු මිලියන 197.35 කි. එක දිනක් තුළ රු මිලියන 155.94 ක මුදලක් ශද්ධ විදේශ ආයෝජන රටට ලැබී තිබේ. ලයිට් හවුස් හෝටලය ප්‍රසාද දීමනා ප්‍රකශයට පත් කරන ලද අතර කොටසකට රු.තුනක් හිමිවේ. ඉකුත් සතියේ අවසානයේ දී, ලැයිස්තුගත සමාගම් 20 කොටස් මිල සති පනස් දෙකක් තුළ ඉහළම අගයට පැමිණ තිබිණි. තවත් සමාගම් 4 ක් සති පනස් දෙකක් තුළ අඩුම කොටස් මිල වාර්තා කරයි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,494.46 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 21.09 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,842.08 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 0.43 ක සුළු පහත වැටීමක් සේ දැක්විය හැකිය.
හේමාස් හෝල්ඩිං රුපියල් මිලියන 165ක්, සන්ෂයින් හෝල්ඩිං රුපියල් මිලියන 164 ක්, ඩයලොග් රුපියල් මිලියන 157 ක්, රීල් ප්‍රොපටි රුපියල් මිලියන 124 ක්, මෙල්සට්‍රක්‍රොප් රුපියල් මිලියන 124ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 120 ක්, කැළණි කේබල් රු. මිලියන 91 ක්, ඒ.සී.එල්. රුපියල් මිලියන 89 ක්,  වැලිබල් වන් රුපියල් මිලියන 89 ක්, ලංකෙම් ඩිවෙලෙපේමන්ට් රුපියල් මිලියන 75ක්, ලංකා මිල්ක් ෆුඩ් රුපියල් 75 ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 67 ක් සහ වටවල රු. මිලියන 65 ක්, වශයෙන් කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
නිරීක්ෂක



අදහස් (0)

විදේශ මිල දී ගැනීම් වැඩිවුණොත් වාසිදායක තත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 87 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site