කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉකුත් සිකුරාදා (04) දර්ශක රතු පැහැයෙන් එනම් පසුබැසීමකින් අවසන් වූ නමුත් විදේශිය ගනුදෙනුකරුවන්ගේ මිල දී ගැනීමේ උනන්දුවක් සනිටුහන් විය. විදේශ ආයොජන වශයෙන් රු. මිලියන 195.56 ක කොටස් මිල දී ගෙන තිබුණ අතර විකිණීම් රු. මිලියන 25.83 කට සීමා විය. ශුද්ධ විදේශ ගැනුම් වශයෙන් රු. මිලියන 179.85 ක මුදලක් රටට ලැබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් අවිනිශ්චිත තත්ව සලකා දේශීය ගනුදෙනුකරුවන් කොටස් විකිණීමට උනන්දුවන බවක් පෙන්නුම් කෙරිණ. සුළු අවදානමක් ඉදිරියේ ආරක්ෂාවට සූදානම් විය. ශ්‍රී ලංකාවට පනවන ලද ඇමරිකානු බදු හේතුකොටගෙන ආර්ථිකය කළඹන අතර එය වෙළෙඳපොළට බලපෑමක් විය හැකියැයි කල්පනා කරන බව පෙනේ. ඇමරිකානු බදු ව්‍යුහය සලකා බලා අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කොට තිබේ. අපනයනකරුවන් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාරදීමට සූදානම් වන බව ක් ද අනාවරණය වේ. එක පැත්තකින් ආවරණයවන පසු අනෙක් පැත්තකින් විවෘතවීම ජාත්‍යන්තරයේ හැසිරිම බව විචාරකයෝ පෙන්වා දෙති.
මේ අතර කරුණු හේතු කොටගෙන ඉකුත් සතියේ අවසාන දිනයේ වෙළෙඳාම තියුණු පසුබෑමක් වාර්තා කළේය. ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,373.35 තෙක් ඉහළ ගිය අතර කලින් දිනයට සාපේක්ෂව දර්ශක 284.25 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,541.71 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 101.71 ක පහළ යෑමක් සේ දැක්විය හැකිය.
සම්පත් රුපියල් මිලියන 295 ක්,, ජෝන් කීල්ස් රු. මිලියන 220 ක්, හේලීස් රු. මිලියන 195 ක්, හැටන් නැෂනල් රු. මිලියන 159 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 138 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රුපියල් මිලියන 129 ක්, පීපල්ස් ලීසිං රු. මිලියන 126 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 91 ක් ඩිජිටල් මොබිලිටි රුපියල් මිලියන 82 ක්, සහ ඩිප් බ්‍රඩක්ට් රුපියල් මිලියන 70 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශ ආයෝජකයෝ කොටස් මිල දී ගැනීමට උනන්දු වෙති