භානුක අමරසිංහ
සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගම්වල මුදල් ආයෝජනය කිරීමට පහසුකම් සලසන බව පවසමින් විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් ලෙස කටයුතු කිරීම සඳහා මෙරට කිසිදු සමාගමකට බලපත්‍ර ලබාදීමක් කර නොමැති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) පවසයි.
විදේශීය රටවල ගනුදෙනු සිදුකරන සමාගම්වල කොටස්වල මුදල් ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ ලැබෙන බවට සඳහන් කරමින් විවිධ තැරැව්කාර ආයතනවල නියෝජිතයන් හරහා ලැබෙන දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ලංකාදීප FT සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් එම කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.
“සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගම්වල මුදල් ආයෝජනය කරලා ඉහළ ප්‍රතිලාභ ලැබෙන බවට සඳහන් කරමින්, විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් බව පවසමින් ජනතාව වෙත ලබා දෙන දුරකතන ඇමතුම් ගැන අපිට දැනගන්න ලැබෙනවා. එහෙත් විදේශීය රටවල කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට කිසිවකුටවත් බලපත්‍ර ලබාදීමක් හෝ නියාමනය කිරීමක් හෝ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිදු කරන්නේ නෑ’’ ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා ඇති එකම ස්ථානය කොළඹ කොටස් හුවමාරුව බවත් ඒ මහතා පවසයි.
එහි කොටස් තැරැව්කාර කටයුතු සඳහා සිය ආයතයය මගින් බලපත්‍ර ලබාදී ඇති කොටස් තැරැව්කාර සමාගම් ලැයිස්තුව සිය වෙබ් අඩවිය වන www.sec.gov.lk සහ කොළඹ කොටස් හුවමාරුවේ www.cse.lk යන වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කර ඇතැයිද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
“දැනටමත් මේ සම්බන්ධයෙන් මහ බැංකුව, පොලිසිය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. යම් අයෙක් මෙවැනි විදේශීය සමාගම්වල මුදල් ආයෝජනය කරලා අගතියකට පත්වෙලා ඉන්නවා නම් පොලිසියට පැමිණිලි කරන්න කියලා අපි ඉල්ලනවා’’ යනුවෙන්ද ජයරත්න මහතා සඳහන් කළේය.
මේ අතර මෙවැනි ඇමතුමක් ලැබුණු විට ආදාළ නියෝජිතයාට විදේශීය සමාගමක කොටස් මිලදී ගැනීමට ඇති සුදුසුකම, දැනට රට තුළ පවතින විනිමය නීති යටතේ රටින් පිට කළ හැකි විදේශ විනිමය සීමාව, යම් කාරණාවකදී සම්බන්ධ කරගත හැකි නිලධාරීන් එම ආයතනවල සිටීද සහ එම නියෝජිත ආයතන මෙරට ලියාපදිංචි සහ නියාමනයට ලක්වන ආයතනයක්ද යන කාරණා පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
විදේශීය සමාගම්වල කොටස් මිලදී ගන්නා කොටස් තැරැව්කාර සමාගම් ලංකාවේ නෑ