භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමේ තවත් කොටස් 5,304ක් මිලදී ගන්නට සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි. සම්පත් බැංකුව හා එක්ව පවත්වාගෙන යන ගිණුම හරහා එම සමාගම මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.
මෙහිදී අගෝස්තු 29 වැනිදා සිදුකළ ගනුදෙනු අටක් යටතේ මෙම කොටස් මිලදී ගෙන ඇතැයි සඳහන් වෙයි. රුපියල් 192ත් - රුපියල් 200ත් අතර වටිනාකම් යටතේ මෙම කොටස් ගනුදෙනුව සිදුව ඇත.
මෙම මිලදී ගැනීම සිදු කරන අවස්ථාව වනවිටත් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සමාගම සතුව, කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී කොටස් 1,797,971ක් තිබූ බව පවසයි. එය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් 18,031,995 අතරින් සියයට 9.97කි. අලුතින් මිලදී ගත් මෙම කොටස් ප්‍රමාණයත් සමගින් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සතු කොටස් ප්‍රමාණය 1,803,275ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 10.0 ක ප්‍රතිශතයකි. මෙම සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සමාගම මෙරට ප්‍රකට ආයෝජකයකු වන වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් මහතාට අයත් සමාගමකි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය සෙන්තිල්වර්ල් කාර්ගෝ බෝට් හිමිකාරිත්වය ඉහළ නංවා ගනී