නවසීලන්තයේ දකුණු දිවයිනේ නැගෙනහිර වෙරළබඩ පිහිටි ක්‍රයිස් චර්ච් නුවර එම රටේ ප්‍රසිද්ධව ඇත්තේ රමණීය ගෙවතු නුවරක් ලෙසයි. නගරය මැඳින් ගලායන නීලවර්ණ සුපිරිසිදු ජලයෙන් පිරි එවොන් ගංගාවත්, හරිත වර්ණයෙන් පිරීගිය සුවිසල් බිම් පෙදෙසත් ක්‍රමානුකුලව ඉදිකර ඇති හැග්ලි මල්වත්ත, ක්‍රයිස් චර්ච් උද්භිද උද්‍යානය ඇතුළු විවිධාකාර උයන්වතු, දෙපස මලින් පළින් බර ගහකොළින් වටවූ ඇළ දොළ, බයිසිකල් මාර්ග, පදික වේදිකා ආදිය මේ නගරයේ සුන්දරත්වය රඳවා ගැනීමට සමත්වී ඇත.
1948 දී යුරෝපීයන්ගේ පදිංචිය ආරම්භ වීමෙන් අනතුරුව සියවස් එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙවන් ශිඝ්‍ර සමෘද්ධියක් උදාකර ගැනීමට මේ කුඩා දිවයින් දෙකෙහි ජනතාවට හැකිවීම අගය කළ යුතුය.
යුරෝපීයන් පැමිණීමට කලින් මේ පළාතේ ජීවත්වූ මෞරි ජාතිකයින් එය හැඳින්වුයේ "ඔටාඋටාහි" යනුවෙනි. එහි තේරුම වුයේ "ටඋටාහිගේ ගම" යන්නයි. එවකට "ටේ පොටිකි ටඋටාහි" ඒ ගමේ ප්‍රධානියා විය.
ක්‍රයිස් චර්ච් නුවර ප්‍රධාන මාර්ගයක් නම් කර ඇත්තේ "කොළඹ පාර" යනුවෙනි. නගරයේ දකුණේ සිට උතුරු ප්‍රදේශය දක්වා ආසන දෙව් මැදුර පසුකර දිවෙන මෙම මාර්ගය කිලෝමීටර් 6ක් දිගය. මෙම මාර්ගයෙහි තැනින් තැන කඩසාප්පු සහ ආපනශාලා පිහිටා ඇත.
ඒ එක් ජනප්‍රිය භෝජන ශාලාවක් හඳුන්වනුයේ "සිලෝන් කිචන්" නමිනි. මෙම සුන්දර මුළුතැන්ගේ හිමිකරු මෙන්ම ප්‍රධාන අරක්කැමියා සුදත් විජේවර්ධන නම්වූ ශ්‍රී ලාංකික තරුණයෙකි. වත්තේගම ඉපැදී හැදුන වැඩුණ සුදත් නවසීලන්තයට ගියේ මීට වසර දහසයකට පෙරය. ක්‍රයිස් චර්ච් සම්මේලන මධ්‍යස්ථානයේ ප්‍රධාන අරක්කැමියකු ලෙස වැදගත් රැකියාවක නිරතව සිටින අතරවාරයේදී ඔහු තමන්ගේම භෝජනාගාරයක් ආරම්භ කළේය. ඒ මීට වසරකට ඉහතදීය.
කොළඹ වීදියේ අංක 620 දරන ස්ථානයේ පිහිටි "සිලෝන් කිචන්" ආපනශාලාවට ඇතුළුවන තැන අලංකාර තොරණක හැඩය ගත් නාම පුවරුවකි. එතැන සිට ආපනශාලාව තෙක් මේස පුටු තබා ඇති ලස්සන මල් වත්තකි. අවශ්‍ය නම් එහිදී ආහාර අනුභව කිරිම කළ හැකිය.
සුදත් විජේවර්ධන නවසීලන්තයේ ජනප්‍රිය ආහාරපාන සකස් කිරීමෙහි මනා පරිචයක් ලබා ඇති දක්ෂ සුපවේදියෙකි. එසේ වුවද ශ්‍රී ලාංකික අවන්හලක් ආරම්භ කිරීමේදී ඔහු මුලසිටම තම අවන්හලේ කෑම වට්ටෝරුවට ශ්‍රී ලාංකික ආහාරපාන පමණක් යොදා ගත්තේය. ඔහුගේ අවන්හලේ ඇත්තේ ඉඳි ආප්ප, ආප්ප, පිට්ටු, කොත්තු රොටි, කිරිබත්, කිරිහොදි, පොල් සම්බෝල, කුකුල් මස්, පරිප්පු, අල බැදුම්, වඩේ වැනි ලාංකීය වර්ග වේ. ශ්‍රී ලංකාවේ ආහාරපාන පිළිබඳ නවසීලන්ත ජාතිකයින් තුළ කිසිම වැටහීමක් නැත. ඒ නිසා ඔවුන් අතර ඒවා ජනප්‍රිය කිරීම සුදත් මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය විය. ඒවා පිළියෙළ කිරීමේදී සහ පිසීමේදී ඔහු කටයුතු කළේ ලංකාවේ ගමේ ගෙදරදී මෙන් අත්‍යාවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එපරිද්දෙන්ම යොදා ගනිමිනි. සුද්දාට අවශ්‍ය පරිදි රස හෝ සැර බාලකිරීමක් සිදු නොකර රසබර ව්‍යංජන පිසීමෙන් ඒවාට තම පාරිභෝගිකයින්ගේ රසාංකුර හුරුකර ගැනීම ඔහුගේ උත්සාහය විය. සුපවේදියකු ලෙස සුදත් දැක්වූ පරිණතභාවය නිසා ඔහුගේ ආහාරපාන වැඩිකල් නොයාම ක්‍රයිස් චර්ච් නගරයේ බොහෝදෙනාගේ සිත් දිනාගැනීමට සමත්විය. ඒ මුළු ප්‍රදේශයේම ශ්‍රී ලාංකික ආහාර ලබාගත හැකි එකම ස්ථානයද සුදත්ගේ අවන්හල පමණය.
ඒ සමඟම කොළඹ වීදියේ "සිලෝන් කිචන්" භෝජනාගාරය තුළින් ශ්‍රී ලංකාවේ ආහාරපාන නවසීලන්තයට ගෙනයාමට වත්තේගම සුදත් විජේවර්ධන සමත්විය. කොළඹ වීදියේ සිලෝන් කිචන් ප්‍රධාන අවන්හලට අමතරව සුදත් සති අන්තයේදී ආසන දෙව්මැදුර පිහිටි චතුරශ්‍රයේ තාවකාලික අවන්හලකද පවත්වා ගෙන යයි.
ඔහුගේ උදව්වට අජිත් බණ්ඩාර සහ දීපානි සෙනෙවිරත්න කටයුතු කරති. අජිත් මාතලේ තරුණයෙකි. කලක් ඔහු ලන්ඩන් නුවර ඊස්ට්හැම් ප්‍රදේශයේ ජීවත් වුවෙකි. දීපානි කැන්ටබරි පළාත් සභාවේ සේවය කරන අතරවාරයේ සති අන්තයේ සුදත්ගේ අවන්හලේ කටයුතු සඳහා උදව් කරන්නීය.
සුදත්ගේ අවන්හලේ පාරිභෝගිකයින් සියල්ලම නවසීලන්ත ජාතිකයින්ය. ඔවුන් දැන් කටට රහට ලුණු ඇඹුල් සහිතව පිසෙන අපගේ ආහාර භුක්තිවිදින්නේ ඉතාමත් සතුටිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රයිස් චර්ච් නුවරට පැමිණෙන අවස්ථාවල ඔවුනට ලංකාවේ ආහාර සැපයීම කෙරෙන්නේ සුදත් විසිනි. එමෙන්ම ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරුන්ද ක්‍රයිස් චර්ච් නුවරට පැමිණෙන හැම අවස්ථාවකම ශ්‍රී ලාංකික ආහාර වේලක රස විඳීම සඳහා ඔහුගේ අවන්හලට පැමිණීමට අමතක නොකරන බවද සුදත් කියයි.


![CEYLON_KITCHEN14[1]_160108](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/CEYLON_KITCHEN141_160108.jpg)
![CEYLON_KITCHEN13[1]_160108](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/CEYLON_KITCHEN131_160108.jpg)
![CEYLON_KITCHEN11[1]_160108](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/CEYLON_KITCHEN111_160108.jpg)
![CEYLON_KITCHEN9[1]_160108](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/CEYLON_KITCHEN91_160108.jpg)
![CEYLON_KITCHEN_1[1]_160108](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/CEYLON_KITCHEN_11_160108.jpg)
![CEYLON_KITCHEN2[1]_160108](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/CEYLON_KITCHEN21_160108.jpg)
![CEYLON_KITCHEN4[1]_160108](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/CEYLON_KITCHEN41_160108.jpg)
![CEYLON_KITCHEN7[1]_160108](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/CEYLON_KITCHEN71_160108.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදත්, ඔබගේ දිරිය,ශක්තිය සහ ආත්ම ශක්තිය කෙරෙහි තැබූ විශ්වාසයට මගේ සුබ පැතුම්. ජයම වේවා. (බ)
වත්තේගම තිබෙන්නේ ලංකාවේ දකුණු පළාතේ නේද? (නි)
පාර්ට් ටයිම් කරන්න ජොබ් එකක් එහෙම නැතිවෙයිද ඔහේ (කෞ)
සුබ පැතුම්! (නි)
උණුසුම් සුබපැතුම්! (නි)
නිව්යෝක්වල තියන ලිට්ල් ශ්‍රී ලංකා ගැන ලිපියක් පළ කරන්න. ස්ටේටන් අයිලන්ඩ් කියන්නේ නිව්යෝකවල ලංකාවේ රෙස්ටුරන්ට් 7ක් තියන කඩ 4ක් තියන ගොඩක් ලංකාවේ අය ඉන්න තැනක් (බ)
වත්තේගම තියෙන්නේ නුවර පැත්තේ. දකුණේ තියෙන්නේ බද්දේගම. පටළවාගන්න එපා. බද්දෙගමත් ප්‍රසිද්ධ පළාතක්. බද්දේගමවාදය ඉතිහාසයේත් සඳහන් වෙනවා. (නි)
ආඩම්බරයි ඔබ ගැන (නි)
මල්ලි ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි, ජයවේවා (බ)
ඔබට උණුසුම් සුබ පැතුම් ! (බ)
ඔබට ජය(අ)
මමත් වත්තේගම. මටත් හරිම ආඩම්බරයි. (නි)
ඔබට සුබ පැතුම්! (නි)
දකුණේ මිනිහෙක් හැටියට මමත් ආඩම්බරයි වත්තේගම දකුණේ නිසා.(බ)
ඔබට තව තවත් ඉදිරියටම යන්න අපි හදවතින්ම සුබ පතනවා! ඔබට ජය! (නි)
සුදත් ඔර්යට සුබ පැතුම්....(බ)
ඔබලාට මාගේ උත්තමාචාරය. (ර)
ඔබගේ උත්සාහය අගය කරමි. (ර)
ජයවේවා සහෝදරයා... (ර)
ජයවේවා සහෝදරයා... එත් එක්කම කියන්න ඕන ඔය කලම්බෝ කියන නම සුද්දාගෙන් අපු නමක්. කලම්බෝ කියන්නේ සුද්දෙක්ගේ නමක්.කලම්බෝ කියලා ගම දැන්වූ නගර ලෝකේ ගොඩක් තියනවා...(හේ)
අපේ උණුසුම් සුබ පැතුමයි.(හේ)
ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)
ගොඩක් සතුටුයි ඔබ දුටුවාම.(හේ)
ජයවේවා සහෝදරයා..(හේ)
ක්‍රිෂාන්ත, ඒ මොන කාලෙද? (නි)
සුදත්, ඔබට තව තවත් ඉදිරියටම යන්න අපි හදවතින්ම සුබ පතනවා! (නි)
මගේ සුබ පැතුම්! (නි)
සුදත්, ගොඩක් සතුටුයි ඔයා ගැන. එකම ගමේ එකම හෝටලයක එදා අපි එකට වැඩකළේ. ඔයාගේ අනාගතයට මම හදවතින්ම සුබ පතනවා! (නි)
තෙරුවන් සරණින් දෙව් රැකවරණින් නිදුක් වේවා නිරෝගී වේවා ......! දියුණුවෙන් දියුණුවටම පත්වේවා........! ශ්‍රී ලාංකීය නාමය ඉහලටම රැගෙන යාමට තව තවත් හැකි වේවා......! (බ)
ඔබට ජය! (නි)
වත්තේගමින් දියුණු වුණ සාධාරණ හොඳ කෙනෙක් ඔබ. හැබැයි පිටරට වලට ගිහින් අද අසාධාරණව දියුණු වු අයත් ඔය අතර ඉන්නවා (නි)
මමත් වත්තේගම තමා ඉපදුනේ. සුදත් අපිත් එක්ක අමතර පන්ති ගිහින් තියෙනවා වගේ මතකයි. ඔබට ජය වේවා!! (නි)
ලෝකේ කොහේ ගියත් අපේ කොල්ලෙක් ඉදිරියෙන් ඇති (නි)
සුදත්, ඔබට සුභ පැතුම්! (නි)
කවදාවත් අහල නැති වුණාට "බද්දේගම" වාදයට ජයවේවා!! (බ)
අපි ඔබට සුභ පතනවා! (නි)
උණුසුම් සුබපැතුම්.! (ර)
අපේ කොල්ලන්ගේ දිරිය ගැන ආඩම්බර වෙනවා , සුදත් ඔබලාට මම ජය පතනවා නෙදර්ලන්තයේ සිට. (ර)
සුබ පැතුම් ඔබට! (නි)