විමුක්ති එස්. රුද්‍රිගු
මෙරට වාණිජ බැංකු පසුගිය වසරේදී පෞද්ගලික අංශයට ලබාදුන් ණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප්‍රකාශයට පත් කළ 2024 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව පෙන්වා දෙයි.
2023 වසරේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය අඩුවී තිබුණත් එයට සාපේක්ෂව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය සියයට 10.7 කින් ඉහළ ගොස් තිබෙන බවද ආර්ථික විවරණ වාර්තාවේ සටහන් වේ. ඒ අනුව 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය රුපියල් බිලියන 789.6කින් ඉහළ ගොස් ඇත. එසේම අඩු පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී විශේෂ බැංකු මගින් මෙරට පෞද්ගලික අංශයට ලබාදුන් ණය පෙර වසරට සාපේක්ෂව 2024 වසරේදී සියයට 2.5කින් රුපියල් බිලියන 27.9කින් පමණ වර්ධනය වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විවරණ වාර්තාව පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රුපියල් බිලියන 789.6කින් ඉහළට