තම අස්වනු නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකිව බරපතළ අභියෝගවලටට මුහුණ දෙන ගොවීන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. ඇතැම් අවස්ථාවලදී තම දහඩිය මහන්සියෙන් වගා කර ලබා ගන්නා අස්වැන්න විකුණා ගත නොහැකිව අලින්ට කෑමට අතහැර දැමූ පුවත් අඩුවක් නැත. තම කනකර පවා උකස් කර ලබා ගන්නා මුදලින් දහසක් බලාපොරොත්තු ඇතිව වගා කරන බෝගයකින් ලැබෙන අස්වැන්නෙන් ආදායමක් ලබාගත නොහැකි නම් ඇතිවන තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එවන් අවස්ථාවලදී ගොවීන්ට සාධාරණයක් කිරීමේ තිරසාර වැඩපිළිවෙළක් මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක පැවතියේ නැත. එහෙත් මේ වනවිට එවැනි වැඩපිළිවෙලක අවශ්‍යතාව දැඩිව මතුව තිබේ.
එසේ සඳහන් කිරීමට ආසන්නම හේතුවක්ද තිබේ. එනම් මේ වනවිට මෙරට වට්ටක්කා ගොවීන් මුහුණදී සිටින අර්බුදයයි. මේ වනවිට වට්ටක්කා අස්වනු නෙළමින් සිටින ගොවීන්ට එම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී අවසන්ය. අතරමැදියන් ඉල්ලන්නේ කුනු කොල්ලයටය. එයින් ගොවීන්ගේ මහන්සියට, වියදමට සාධාරණයක් ඉටුවන්නේ නැත. අවශ්‍ය වන්නේ මෙම ගොවීන්ගේ අස්වනුවලට සාධාරණ මිලක් ලබාදීමය.
විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් මෙම කන්නයේදී අතිරික්ත අස්වැන්නක් ලබාගැනීමට සමත් වී සිටී. යම් වගාවකින් වැඩි අස්වැන්නක් ගොවීන්ට ලැබෙන්නේ නම් එය යහපත් තත්ත්වයකි. ගොවීන්ගේ ආර්ථික මට්ටම උසස් කිරීමට ශක්තිමත් කිරීමට හේතු වන්නකි. තවත් ආකාරයකට කියන්නේ නම් ගමේ ආර්ථිකය ශක්තිමත් වීමකි. එවන් පසුබිමක විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන්ට තම අතිරික්ත අස්වැන්න වෙළෙඳපොළට ගෙනගොස් සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අභියෝගයකට ද මුහුණ දෙන්නට සිදුවිය. විලච්චියේ වට්ටක්කා ගොවීන්ට තම අස්වනු දඹුල්ල හෝ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වෙනත් ආර්ථික මධ්‍යස්ථානයකට ප්‍රවාහනය කරන්නට නම් ඒ වෙනුවෙන් විශාල අමතර වියදමක් දරන්නට සිදුවනු ඇත. ඇතැම් විට එසේ දරන්නට සිදුවන වියදම වට්ටක්කා අලෙවියෙන් ලැබෙන ආදායමෙන් පියවා ගැනීම අපහසු වන්නට පුළුවන. නැතිනම් සොච්චමක් ඉතිරි වන්නට පුළුවන. එය එදිනෙදා පවුලේ අවශ්‍යතා සපුරා ගැනීමටවත් ප්‍රමාණවත් වේදැයි සැකයකි. මේ අද මෙරට ගොවියා මුහුණ දෙන අර්බුදයේ යථාර්ථයය. තම අස්වනු අලෙවි කර යම් ලාබයක් ලබා ගැනීමට නොහැකි නම් එය අතිශය කනගාටුදායක තත්ත්වයකි. විලච්චියේ වට්ටක්කා ගොවීන්ද මුහුණදී සිටින්නේ මෙවන් තත්ත්වයකටය. ගොවීන් මෙලෙස දුෂ්කරතාවට පත්වීමෙන් සිදුවන්නේ ගොවීන් වගා කටයුතුවලින් ඉවත් වීමය.
මෙම ගොවීන්ට සාධාරණයක් ඉටුකළ හැකි නම් එය අතිශයින්ම වැදගත්ය. විශේෂයෙන්ම මෙම ගොවීන්ගේ වට්ටක්කා අස්වැන්න අතරමැදියන්ගෙන් තොරව සාධාරණ මිලකට ඍජුවම අලෙවි කළ හැකි නම් එය ගොවීන්ට විශාල සහනයක් වනු නොඅනුමානය. සත්‍ය වශයෙන්ම ගොවි බිමකට ගොස් ගොවීන්ගේ අස්වනු සාධාරණ මිලකට මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් මෙරට කෘෂි ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන්නේ නම් පාරිභෝගිකයාටද එම නිෂ්පාදන සාධාරණ මිලකට ලබාදීමේ හැකියාව පවතින බව මෙහිදී අමතක නොකළ යුතු විශේෂිත කරුණකි. මෙරට කෘෂි නිෂ්පාදන නිරන්තරයෙන්ම සාධාරණ මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට ලබාදීමේ ක්‍රියාවලියක නිරතව සිටින කාගිල්ස් ෆුඩ් සිටි ජාලය විලච්චියේ වට්ටක්කා ගොවීන් සම්බන්ධයෙන් ගොවි බිමටම ගොස් අස්වනු මිලදී ගැනීමේ වැඩසටහනකට මුල පිරුවේය. ඒ ගොවියාගේ මහන්සියට උපරිම සාධාරණයක්ද ඉටු කරමිනි. අස්වනු එකතු කිරීමේ හා බෙදා හැරීමේ කටයුතු කාර්යයක්ෂමව සිදුවන බව සහතික කරමින් තඹුත්තේගම කාගිල්ස් අස්වනු එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙකී මුලපිරීම ක්‍රියාත්මක වෙයි.
රටේ ආර්ථිකයේ පදනම වශයෙන් සලකන කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම බෙහෙවින් වැඩදායක මෙන්ම අනාගතවාදීය. තවත් කෘෂි බෝග සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් එය රටේ කෘෂි ආර්ථිකයට මහඟු ශක්තියකි.
ගොවීන්ගේ අතිරික්ත අස්වැන්න මිලදීගැනීම සඳහා පෞද්ගලික අංශයේ මැදිහත්වීමක් පිළිබඳව රජය විසින්ද මෙම අවස්ථාවේ ඉල්ලීමක් කර තිබුණි. කෙසේ වෙතත් කාගිල්ස් ෆුඩ්සිටි ඉදිරි පියවරක් තබා තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රටපුරා සිටින ගොවීන්ට කාගිල්ස් ෆුඩ්සිටි අලෙවි සල් 546ක් වෙත තම අස්වැන්න ඍජුවම ලබාදීමේ අවස්ථාව උදාවී තිබේ. අතරමැදියන්ගෙන් තොරව සිදුවන මෙම ක්‍රියාවලිය හේතුවෙන් රටපුරා වට්ටක්කා ගොවීන්ට ඉතාම සාධාරණ මිලකට තම අස්වනු අලෙවි කර ගැනීමට පුළුවන. එමෙන්ම පාරිභෝගිකයන්ටද වැඩි ඉතිරියක් සමගින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු නැවුම් වට්ටක්කා අඩු මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමි වන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
විලච්චිය යාය හය යනු, කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථික රටාවක් ඇති ප්‍රදේශයකි. වැඩි වශයෙන්ම ජීවත් වන්නේ ගොවි ජනතාවය. ඇතැම් වගා බිම් අස්වනු නෙළීමට ආසන්න වන විට අතහැර දැමීමට පවා කටයුතු කර තිබුණේ නිසි මිලක් නොතිබූ නිසාය. එහෙත්, කාගීල්ස් සමාගම ගොඩබිමටම ගොස් නිෂ්පාදන මිලදී ගැනීමට ආරම්භ කළ වැඩසටහන හේතුවෙන් ගොවින්ට බලාපොරොත්තුවක් ඇති වී තිබේ. එසේ මිලදී ගන්නේ සාමාන්‍යයෙන් පවතින මිලට වඩා වැඩි මිලකටය. ගොවින් ගැන සිතා ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ ගොවින් දිරිමත් කිරීමක් මෙන්ම ගොවින්ට ශක්තිය දීමක් බව ගොවි ජනතාවගේ අදහසය.
මහවිලච්චිය ප්‍රසිද්ධියට පත්වන්නේ ද වට්ටක්කා වගාව හේතුවෙනි. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා කිලෝව අලෙවි වන්නේ රුපියල් විසිපහට තිහටය. එහෙත්, කාගීල්ස් ආයතනය පැමිණ ගොවින්ගේ වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් ගොවින්ට විශාල සහනයක් සැලසෙන බව, මහවිලච්චිය වසඹ ගොවි සංවිධානයේ ලේකම්වරයාගේ අදහසය. කාගීල්ස් ආයතනය ගොස් ගොවි නිෂ්පාදන මිලදී ගැනීම ගොවින්ට ශක්තියක් බව ද ඔහුගේ අදහසය.
වෙළෙඳාම යනු ගොවියාගේ නිෂ්පාදන අතරමැදියන්ගේ ගසා කෑමට ලක්වන හෝ පාරිභෝගිකයා සූරාකන ක්‍රියාවලියක් නොවිය යුතුය. ගොවියාගේ නිෂ්පාදනවලට ඉහළම සාධාරණත්වයක් ඉටුවිය යුතුය. කාගිල්ස් අරඹා ඇත්තේ ඒ සඳහා වූ සුවිශේෂී ක්‍රියාදාමයක් බව විලච්චියේ වට්ටක්කා ගොවීන් සම්බන්ධ වැඩපිළිවෙළෙන් පැහැදිලිය.
අනුරාධපුර විශේෂ බී.ජී. චතුරංග♦
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වට්ටක්කා ගොවීන්ට කාගිල්ස් ෆුඩ්සිටි ශක්තිය