IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ලොව ප්‍රථම කාබනික රබර් සෙල්ලම්බඩු සන්නාමය Tikiri Toys

(චමින්ද මුණසිංහ)

ස්වාභාවික සෙල්ලම් බඩු සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රිය ශ්‍රී ලාංකික සන්නාමයක් වන  'Tikiri Toys', Global Organic Latex Standard (GOLS) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ ලොව ප්‍රථම කාබනික (Organic) රබර් සෙල්ලම් බඩු නිෂ්පාදන සන්නාමය බවට පත්වී තිබේ.  
සෙල්ලම් බඩු කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවක් අනුව හඳුන්වා දී ඇති මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ  Control Union Certifications  මගිනි. පුරෝගාමී සහතිකකරණයක් වන මෙය, කාබනික රබර් කිරි (organic latex) සම්බන්ධ ලොව ප්‍රථම ප්‍රමිතිකරණය ලෙස සැලකේ. Global Organic Textile Standard (GOTS)  සහතිකකරණයට සමාන සහතිකකරණයක් වන මෙය, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම භාවිතා කරනු ලබන රබර් කිරි වල මූලාශ්‍රය හඳුනා ගැනීමේ හැකියාව තහවුරු තහවුරු කරන බව DSL ලංකා සමාගම කියයි. 
Tikiri Toysශ්‍රී ලංකාවේදී සැලසුම් කර නිෂ්පාදනය කරනු ලබන්නේ මෙරට ප්‍රමුඛතම කාබනික (organic)  සෙල්ලම් බඩු නිෂ්පාදකයා වන DSL ලංකා (පුද්.) සමාගම විසිනි. 1991 වසරේදී සාමාන්‍ය මට්ටමේ නිෂ්පාදන ආයතනයක් ලෙස ආරම්භ වූ එය මේ වනවිට ආචාරධර්ම නියමයන් අනුව සපයාගත් අමුද්‍රව්‍ය යොදාගෙන කුඩා දරුවන් සඳහා කාබනික ( Organic )  සෙල්ලම් බඩු නිපදවන සමාගමක් ලෙස ලොව පුරා කීර්තියක් දිනා සිටී.  Tikiri Toysයනු එම සමාගමේ ශ්‍රී ලාංකික සන්නාමය වන අතර එය 2013 වසරේදී දියත් කරන ලදි. එහි meiya & alvinනිෂ්පාදන එකතුව මේ වනවිට රටවල් 56 කට අධික සංඛ්‍යාවක අලෙවි කරනු ලබන අතර ලොව පුරා දහස් ගණනක් දරුවෝ ඒවා ආශාවෙන් පරිහරණය කරති. එමෙන්ම පවුලේ උරුමයකින් ආභාසය ලබමින් DSL Lanka සමාගම නිර්මාණය කර ඇති අලංකාර අත්කම් බෝනික්කන්  එකතුවද ජාත්‍යන්තර වශයෙන් අතිශයින් ජනප්‍රිය වී තිබේ. 
”‍අපගේ උත්සාහය නිසා ජාත්‍යන්තර සෙල්ලම් බඩු නිෂ්පාදකයන් වෙනුවෙන් නව පූර්වාදර්ශයක් නිර්මාණය වී තිබීම අපට මහත් සතුටක්. අපගේ නිෂ්පාදන සඳහා සියයට සියයක්ම පිරිසුදු කාබනික (organic)   රබර් භාවිතා කිරීමට අප තුළ පවතින උනන්දුව නිසා අපට මෙම පිළිගැනීම හිමිකර ගැනීමට හැකිවී තිබෙනවා. ඊට අමතරව කපු වර්ග සියල්ලත් නිසි ආචාරධර්ම නියමයන් අනුව සපයාගනු ලබන අතර, අපගේ සෙල්ලම් බඩු සියල්ල ස්වාභාවිකව දිරායනසුලු‍යි. 
”‍කුඩා දරුවන්ගේ සංවර්ධනය ඉලක්ක කරගෙන Tikiri Toys නිපදවා තිබෙනවා. මෙහිදී අපගේ වගකීම දෙ-ආකාරයි. එක් අතකින් අපගේ නිෂ්පාදන දරුවන්ට සුරක්ෂිත ලෙස භාවිතා කළ හැකි බවටත්, අනෙක් අතින් අපගේ සෙල්ලම් බඩු වලින් පරිසරයට හානියක් නොවන බවටත් තහවුරු කරගැනීමට අප හැකි උපරිමයෙන් කටයුතු කරනවා.”‍ DSL ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මනෝ ෂෙරිෆ් මහත්මිය පැවසුවාය. 



අදහස් (0)

ලොව ප්‍රථම කාබනික රබර් සෙල්ලම්බඩු සන්නාමය Tikiri Toys

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 301 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 331 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1262 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site