කාන්තාව සවිබල ගැන්වීමේ ලොව තිරසාරම ක්‍රියාවලිය සඳහා එයිට්කින් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ ආයතනය (Aitken Spence Institute of Hotel Management) ලෝක තිරසාර සංචාරක සහ ආගන්තුක සත්කාරක සේවා සම්මාන උලෙළේදී සම්මානයෙන් පිදුම් ලැබීය. ඩුබායි එක්ස්පෝ සිටි, ටෙරා පැවිලියන් හි පැවති මෙම සම්මාන උලෙළේදී මෙලෙස කැපීපෙනෙන පිළිගැනීමක් ලැබීම ඊළඟ පරම්පරාවේ තරුණ වෘත්තිකයන් සවිබලගන්වමින් සහ පෝෂණය කරමින් ආගන්තුක සත්කාරක සේවා ක්ෂේත්‍රයේ අනාගතය හැඩ ගැස්වීමට අවශ්‍ය විශ්වාසය සහ නිපුණතාව සමග ඔවුන් සූදානම් කිරීමේ ආයතනයේ මෙහෙවර තුළ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
සැමට සමාන අධ්‍යාපනයක් ලබාදීම සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පිරිස සවිබලගැන්වීම සඳහා ආයතනය විසින් ලබා දෙන නොසැලෙන දායකත්වයට මනා සාක්ෂියක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැක්කේ එය, තරගකාරී ඉදිරිපත්වීම් 745 අතුරින්, නෝවා ව්‍යාපාරික පාසලේ තිරසාර ව්‍යාපාරකරණය හදාරන සිසුන් සහ විසිදහසකට වැඩි ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විසින් ඉටුකළ ඉතා තරගකාරී සහ අසීරු තෝරාගැනීමේ ක්‍රියාවලියක් යටතේ ජයග්‍රහණය කිරීම නිසාය. ලෝක තිරසාර සංචාරක සහ ආගන්තුක සත්කාරක සේවා සම්මාන උළෙල ප්‍රමුඛ පෙළේ විද්වතුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ලෝක සංචාරක කවුන්සිලය, ලෝක තිරසාර ආගන්තුක සත්කාර සන්ධානය සහ ජාත්‍යන්තර සංචාරක අංශයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ගෙන් සමන්විත ගෝලීය නායකයන්ගේ උපදේශක මණ්ඩලයක මග පෙන්වීම යටතේ පවත්වනු ලබයි.
එයිට්කින් ස්පෙන්ස් හි ආයතනික සමාජ වගකීම් මුලපිරීම (CSR) යටතේ 2007 වසරේදී පිහිටුවන ලද හෝටල් කළමනාකරණ ආයතනය TUI සත්කාර පදනම (TUI Care Foundation) සහ ලෝක තිරසාර ආගන්තුක සත්කාර සන්ධානය (World Sustainable Hospitality Alliance) සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙමින් ලෝක මට්ටමේ වෘත්තීය අධ්‍යාපනයක් සහ ප්‍රායෝගික අත්දැකීම් සිසුන්ට පිරිනමයි. හෙරිටන්ස් අහුන්ගල්ල සහ හෙරිටන්ස් කණ්ඩලම යන හෝටල් යටතේ ඇති හෝටල් පාසැල් හරහා, ආහාර හා පාන වර්ග, ගෘහ පාලනය සහ වෘත්තීයමය ඉවුම් පිහුම් පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රයෝගික අත්දැකීම් සමග පන්ති කාමරයේ අධ්‍යන කටයුතු ඒකාබද්ධ කරමින් මාස පහක පුහුණුවක් ආයතනය විසින් සිසුන්ට ලබාදෙයි.
ආරම්භයේ සිට මේ දක්වා සිසුන් 1,400 කට අධික සංඛ්‍යාවක් උපාධි ලබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනකු එයිට්කින් ස්පෙන්ස් හෝටල් තුළ රැකියා ලබා ගැනීමට සමත්ව ඇත. 2025 දී විශේෂයෙන් පරිවර්තනීය මොහොතක් සනිටුහන් කරමින් ආයතනයේ පළමු කාන්තාවන්ගෙන් පමණක්ම සමන්විත කණ්ඩායම යටතේ කාන්තාවන් 21 දෙනකු හෙරිටන්ස් අහුන්ගල්ල හෝටල් පාසලට අනුබද්ධිතව ආහාර හා පාන වර්ග පිළිබඳ පුහුණුව ලබයි.
සම්මානය පිළිබඳව අදහස් දක්වමින් එයිට්කින් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී (Aitken Spence Hotels Holdings PLC) හි සභාපතිනිය ස්ටෂානි ජයවර්ධන මෙසේ පැවසුවාය. “මෙම පිළිගැනීම ඊළඟ පරම්පාරාවේ ආගන්තුක සත්කාරක සේවා නායකයන් සංවර්ධනය කිරීමේ අපේ කැපවීම නැවත තහවුරු කිරීමක්. එයිට්කින් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ ආයතනය ප්‍රායෝගික පුහුණුව සහ සැබෑ ලෙසම ලෝක මට්ටමේ දැනුමෙන් සන්නද්ධ කරමින් තරුණ තරුණියන් සාර්ථකත්වයේ මෙවලම්වලින් සවිබල ගන්වනවා. අපි එකතු වෙලා ශ්‍රී ලංකාව සඳහා වඩාත් සමානාත්මතාවෙන් යුතු සහ අනාගතයට සූදානම් ආගන්තුක සත්කාරක සේවා කර්මාන්තයක් ගොඩනගමින් ඉන්නවා.”
ලෝක තිරසාර ආගන්තුක සත්කාර සන්ධානය සමඟ සහයෝගයෙන් TUI ඇකඩමියේ සහාය ඇතිව, සිසුන්ට නවාතැන්, ආහාර, නිල ඇඳුම් සහ පුහුණුව අතරතුර දීමනාවක් ඇතුළුව පුළුල් සහයෝගයක් ලැබිණි. TUI සත්කාර පදනම යනු ලොව ප්‍රමුඛතම සංචාරක ව්‍යාපාරවලින් එකක් වන TUI විසින් ආරම්භ කරන ලද ස්වාධීන පුණ්‍යායතනයක් වන අතර, ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම සහ සංචාරක ගමනාන්තවල ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා සංචාරක ව්‍යාපාරයේ ධනාත්මක බලපෑම උපයෝගී කර ගැනීමට කැපවී සිටීයි.
සැබෑ තිරසාරභාවය ආරම්භ වන්නේ පිරිස සවිබලගැන්වීමෙන් බවට වන එයිට්කින් ස්පෙන්ස් හි විශ්වාසය එනම් කුසලතා වර්ධනය කිරීම, අභිලාෂය ප්‍රබෝධමත් කිරීම සහ අනාගතය සඳහා ශක්තිමත්, වඩාත් ගතික ආගන්තුක සත්කාර කර්මාන්තයක් හැඩගැස්වීමට සූදානම් දක්ෂ වෘත්තිකයන් සංවර්ධනය කිරීම මෙම ගෝලීය පිළිගැනීම මගින් අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 04
121
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“ලොව ප්‍රමුඛතම කාන්තා සවිබලගැන්වීමේ තිරසාර ක්‍රියාවලිය”ට එයිට්කින් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ ආයතනයට සම්මාන