භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ACL Plastics PLC, ACL Cables PLC සහ Kelani Cables PLC යන සමාගම් සිය කොටස් අතුරු බෙදීමක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. අදාළ සමාගම් තුනෙහිම අධ්‍යක්ෂ මණ්ඩල ඊට අදාළ අනුමතීන් ලබා දී තිබේ.
මෙහිදී ACL Plastics සමාගම, මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම සාමාන්‍ය කොටස් 10ක් ලෙස බෙදීමක් සිදු කරයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 4,212,500ක ප්‍රමාණය කොටස් 42,125,000ක් දක්වා ඉහළ යයි.
එසේම ACL Cables PLC සමාගම, මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම සාමාන්‍ය කොටස් 03ක් ලෙස බෙදීමක් සිදු වෙයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 239,574,720ක ප්‍රමාණය 718,724,160ක් දක්වා ඉහළ යයි.
මීට අමතරව Kelani Cables PLC සමාගම මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම සාමාන්‍ය කොටස් 10ක් ලෙස බෙදීමක් සිදු වෙයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 21,800,000ක ප්‍රමාණය 218,000,000ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.
මෙහිදී අදාළ කොටස් අතුරු බෙදීම් හේතුවෙන් එම සමාගම්හි ප්‍රකාශිත ප්‍රාග්ධනවල වෙනසක් සිදු නොවන බවත්, අලුතින් එකතු වන මෙම කොටස්ද දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සමගින් එක සමානව කාණ්ඩ කෙරෙන බවත් සමාගම් පවසයි. කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වල කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවද එම සමාගම් පවසයි.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
504
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලැයිස්තුගත සමාගම් තුනක් කොටස් අතුරු බෙදීමකට සැරසෙයි