සඳුදා ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙෙළඳපොළ ගනුදෙනු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 15,871.80 ක් වූ අතර එය දර්ශක 177.62 ක පහළ යාමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,806.63 ක් වශයෙන් දර්ශක 53.70 ක පිරිහීමකි’. ඊයේ ගනුදෙනු ආරම්භයේ පිබිදීමක් පෙන්වන ලද නමුත් පැයකට පමණ පසු දර්ශක රතු පැහැයෙන් දිස් විය. මධ්‍යහ්නය වන විට සියලු කොටස් මිල දර්ශක 430 ඉක්මවන අගයකින් හා එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශක 140 ඉක්මවන අගයකින් දරුණු එක් දින පිරිහීමක් වාර්තා කළේය.
කෙසේ වෙතත් ගනුදෙනු අවසන් වන පසු අඩුම මිලට පත් කොටස් මිල දී ගැනීමට ආයෝජකයන් නැඹුරු වූ අතර දිනය අවසානයේ දී බිඳ වැටීම පාලනය කරගැනීමට සමත් වූ බව නිරීක්ෂණය කළ හැකි විය.
පිරිවැටුම රු. බිලියන 8.57 කට සීමා විය. මෙයින් රු. මිලියන 802 ක් ජොන් කීල්ස් කොටස් අලෙවියෙන් ලැබුණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් කොටස් සඳහා තවත් රු. මිලියන 697 ක් විය. හැටන් නැෂනල් බැංකුවේ රු. මිලියන 432 ක කොටස්, සම්පත් බැංකුව රු. මිලියන 329 ක කොටස් හා එල්.ඕ.එල්.සී. රු. මිලියන 291 ක කොටස් දිනයේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද බව සටහන්ය.
මෙදින ගනුදෙනු 55,661 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල මිලට සාපේක්ෂව සමාගම් 160 ක කොටස් මිල පහත වැටී තිබුණි. සමාගම් අසූ නමයක පමණක් කොටස් මිල ඉහළ ගියේය. ලයන් බෲවරි, එල්.ඕ.එල්.සී. ෆිනෑන්ස්, වටවල වැවිලි, ඩිල්මා ටී, සහ ඩීමෝ සමාගම්වලට වැඩිම ඉල්ලුමක් තිබුණි. සිලෝන් බෙවරේජස්, හන්ටර්ස්, සෙරන්ඩිබ් ලෑන්ඞ්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සහ නුවරඑළිය වැවිලි යන සමාගම් පහත වැටුණු කොටස් මිල සම්බන්ධ ලැයිස්තුවේ ඉහළින්ම පසු විය.
නිරීක්ෂක
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලාබ උපයන වෑයම ඉදිරියේ දර්ශක පහළට