
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් අගනා බැංකොක් සංචාරයක් සහ RIU - Ahungalle හෝටලයේ සුව පහසු නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. 
එහිදී අලෙවි ඉලක්ක ඉහළින්ම සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන්ට බැංකොක් සංචාරයක නිරත වීමට සහ අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අනෙක් අලෙවි නියෝජිතයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට RIU - Ahungalle හෝටලයේ දෙදිනක් නිදහසෙන් සහ විනෝදයෙන් ගත කිරීමට අවස්ථාව ලැබිණි. 
මීට පෙරද බැංකොක් සංචාර මෙන්ම තරු පන්තියේ හෝටල් අත්දැකීම් සපයා ඇති ලෝටස් ටයර් සමාගම අඛණ්ඩව සිදු කරන මෙම දිරි ගැන්වීම් පිළිබඳව ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි විය. පසුගිය වසරේදී අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මෙම අගනා අවස්ථා හිමි විය. මෙම අවස්ථාවලට සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ කළමනාකාරිත්වය මෙන්ම ලෝටස් ටයර් විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායමද සහභාගි වූහ. “ලෝටස් ටයර් සමාගම නිරන්තරයෙන් සිය විකුණුම් බලකාය අගය කරනවා. එම ඇගැයීමේ සැබෑ අරමුණ අප අතර තිබෙන සම්බන්ධතා තවත් ශක්තිමත් කිරීම ඔස්සේ පාරිභෝගිකයන්ට විශිෂ්ට නිෂ්පාදනයක් සැපැයීම බව.” ලෝටස් ටයර් ආයතනයේ වෙළෙඳ කළමනාකරු පැවසීය. 
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1542										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර