IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලංකා බැංකුවේ ’BOC Little Picasso’ ජයග්‍රාහකයන් ඇගයීමට චිත්‍ර ප්‍රදර්ශනයක් හා සම්මාන උළෙලක්

දේශීය දරු පරපුරේ ඉතුරුම් පුරුද්ද වර්ධනය කරන අතරතුර ඔවුන්ගේ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් ලංකා බැංකුවේ 85 වැනි සංවත්සරයට සමගාමීව මෙවර පැවැත්වුණු 'BOC Little Picasso' චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන් ඇගයීම වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් සහ සම්මාන උළෙලක් පැවැත්වීමට ලංකා බැංකුව සියලු‍ කටයුතු සූදානම් කර ඇත. එකිනෙකට වෙනස් කාණ්ඩ පහක් යටතේ දියත් කෙරුණු මෙම සුවිශේෂී චිත්‍ර තරඟය දිවයින පුරා කලාකාමී දරු දැරියන්ගේ හා යෞවන යෞවනියන්ගේ දක්ෂතා පෙන්වීම සඳහා තෝතැන්නක් වනු ඇතැයි ලංකා බැංකුවේ විශ්වාසයයි. 

'BOC Little Picasso' තරඟය BOC රන් කැකුළු, රන් කැකුළු Smart රන් කැකුළු Smart Investment, රන් කැකුළු විදේශ මුදල් ගිණුම්, 14+, 18+ සහ Athfal ගිණුම් යන ලංකා බැංකුව හඳුන්වා දී ඇති ළමා සහ යෞවන ඉතුරුම් ගිණුම් ප්‍රවර්ධනයට හේතු පාදක වූ අතර, මෙම තරගය හරහා දරු දැරියන්ගේ හා යෞවන යෞවනියන්ගේ ඉතුරුම් පුරුද්ද වර්ධනය කර ගැනීමට උත්තේජනයක් ලබා දීම ලංකා බැංකුවේ අරමුණයි. චිත්‍ර විෂය පිළිබඳ නිපුණයන්ගෙන් සැදුම්ලත් කමිටුවක සුවිශේෂී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව පළාත් සහ ජාතික මට්ටමෙන් 'Little Picasso' චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන් ඇගයුමට සහ සම්මානයට පාත්‍ර කරමින් මෙවර චිත්‍ර ප්‍රදර්ශනය හා සම්මාන උළෙල පවත්වනු ලබයි. ඒ අනුව 'Little Picasso' චිත්‍ර ප්‍රදර්ශනය 2025 අප්‍රේල් 3 වැනි දා සිට 5 වැනි දා දක්වා (පෙ.ව. 9.30 සිට ප.ව. 5.00 දක්වා) ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ 30 වැනි මහලේ දී පැවැත්වීමට නියමිතය. එමෙන්ම 'Little Picasso' සම්මාන ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් 3 වැනි දිනවල ලංකා බැංකු ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ලේ 3 මහලේදී පැවැත්වීමට සියලු‍ කටයුතු සංවිධානය කර ඇති අතර, එහි දී ජාතික මට්ටමේ ජයග්‍රාහකයන් 73 දෙනකු සඳහා සම්මාන හා ත්‍යාග පිරිනැමීමට නියමිතය. එමෙන්ම 'BOC Little Picasso' තරගයට සහභාගි වූ සියලු‍ම තරගකරුවන් වෙත වටිනා සහතික පතක් පිරිනැමීමට ද ලංකා බැංකුව කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

'BOC Little Picasso' වැනි වැඩසටහන් හරහා මෙරට තාරුණ්‍යයේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නැංවීමට නිරන්තරයෙන් කටයුතු කරන ලංකා බැංකුව, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ මූල්‍ය සහකරුවා වෙමින් ඔවුන්ට සමෘද්ධිමත් අනාගතයක් ගොඩ නැංවීමට නිබඳවම කැප වෙයි. 

වසර 85 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව සුවිශේෂී මෙහෙවරක නිරත ව සිටින ලංකා බැංකුව, ගෝලීය අවස්ථා සඳහා පුද්ගලයන් සහ ව්‍යාපාර යොමු කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත 658ක් වූ ශාඛා ඇතුළුව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්, The Banker සඟරාව විසින් 2024 වසරේ ලොව හොඳම බැංකු 1000 අතරට නම් කෙරුණු එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021, 2023 හා 2024 යන වසරවල ‘වසරේ බැංකු කරු‘ ලෙසත් ශ්‍රේණිගත කෙරිණි. ඊට අමතරව 2025 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.



අදහස් (0)

ලංකා බැංකුවේ ’BOC Little Picasso’ ජයග්‍රාහකයන් ඇගයීමට චිත්‍ර ප්‍රදර්ශනයක් හා සම්මාන උළෙලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17882 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10696 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site