IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලෝක ප්‍රාර්ථනා දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ‘Make-A-Wish Sri Lanka’ ව්‍යාපෘතිය අරඹයි

මෙවර ලෝක ප්‍රාර්ථනා දිනය සැමරීම මෙන්ම, බලපත්‍රලාභී ජාත්‍යන්තර සංවිධානයක් වන Make-A-Wish International හි 45 වැනි සංවත්සරය නිමිති කරගනිමින් Make-A-Wish Sri Lanka පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. Make-A-Wish Sri Lanka ව්‍යාපෘතිය, ඉන්දිරා පිළිකා භාරය විසින් පරිපාලනය කරනු ලබන අතර, පිළිකා රෝගයෙන් පීඩා විඳින දරු දැරියන්ගේ ප්‍රාර්ථනා ඉටු කරමින්, ඔවුන් ධනාත්මක ආකල්පවලින් සහ මානසික වශයෙන් ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
පිළිකා රෝගයෙන් ප්‍රතිකාර ලබන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු හා සමගාමීව ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉටුකර දීමෙන් සුබවාදී ආකල්ප ගොඩනැගීම මෙන්ම ශාරීරික, මානසික සහ සාමාජීය යහපැවැත්ම වර්ධනය කිරීම Make-A-Wish Sri Lanka ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වන අතර, රෝගී දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටුවීමෙන් ලැබෙන ධනාත්මක ආකල්ප ඉතා වැදගත් වන බව ඒ පිළිබඳ සිදු කළ සමීක්ෂණයකට බඳුන් වූ රෝගී දරුවන්ගෙන් සියයට 97 කගේ සහ ඔවුන්ගේ මවුපියන්ගෙන් සියයට 95 කගේ අදහස්වලින් තහවුරු විය. 
Make-A-Wish International සංවිධානය වර්තමානය වන විට ලොව පුරා රටවල් හා ප්‍රදේශ 50 කට ආසන්න සංඛ්‍යාවක ක්‍රියාත්මක වන අතර, ඒ හරහා ලොව පුරා දරුවන්ගේ ප්‍රාර්ථනා 615,000 කට වැඩි සංඛ්‍යාවක් ඉටුකර දෙමින්, රෝගී තත්වවලින් පෙළෙන දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත ධනාත්මකව පරිවර්තනය කිරීමට සමත් වී ඇත. “Make-A-Wish Sri Lanka ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරමින්, ආසියාව තුළ අපගේ පැවැත්ම පුළුල් කිරීම සඳහා දේශීය පුණ්‍යායතනයක් වන ඉන්දිරා පිළිකා භාරය සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා.” යනුවෙන් Make-A-Wish International හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලු‍සියානෝ මැන්සෝ පැවසීය. “සෑම නව ව්‍යාපෘතියක් හරහාම අපට ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට සිහින දකින තවත් දරුවන් කණ්ඩායමක් වෙත පරිත්‍යාගශීලීන් ඇතුළු පාර්ශ්වකරුවන්ට ළඟා වීමේ හැකියාව ලබා දෙනවා. මෙම ව්‍යාපෘතිය යහපත් ප්‍රාර්ථනාවක් ඉටුවීමේ බලපෑම හා බලය පිළිබඳ විශ්වාස කරන සියලු‍ම පාර්ශ්වවල කැපවීමට හොඳම සාක්ෂියක්.”‍ යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මැන්සෝ ප්‍රකාශ කළේය.
“ඉටුවන ප්‍රාර්ථනාවක් බොහෝ විට බලවත් ඖෂධයක් විය හැකි බව අපි විශ්වාස කරනවා. මෙසේ ප්‍රාර්ථනාවක් ඉටුවීම හරහා මුහුණට සිනහවක් ගෙන ඒමට වගේම සුබවාදී ආකල්ප ගොඩනැංවීමට කටයුතු කරන වැඩසටහන්වලට අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. Make-A-Wish Sri Lanka ව්‍යාපෘතිය අපට වැදගත් සංධිස්ථානයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. මෙය සාර්ථක කර ගැනීම වෙනුවෙන් කැප වී කටයුතු කරන සියලු‍ම පාර්ශ්ව වෙත ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් ශ්‍රී ලංකා ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේය. 
මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ ප්‍රථම සමාගම මෙන්ම මෙහි නිල බැංකු සහකරු ලෙස කටයුතු කරන සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, “සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස ජන ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වන බව පැවසිය යුතුමයි. ඉන්දිරා පිළිකා භාරය හරහා ක්‍රියාත්මක Make-A-Wish Sri Lanka ව්‍යාපෘතියට සහයෝගය ලබා දීම හරහා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවිත බලගැන්වීමට දායක වීමට හැකි වීම ඇත්තවශයෙන්ම සතුටට කරුණක්.”‍ යනුවෙනි.



අදහස් (0)

ලෝක ප්‍රාර්ථනා දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ‘Make-A-Wish Sri Lanka’ ව්‍යාපෘතිය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site