දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය බලය තහවුරු කිරීමට දැන් නැගෙනහිර රටවල් වෙත කාලය එළඹ තිබේ. වර්තමානයේ දී ලෝකයේ වර්ධන කේන්ද්‍රස්ථානය බවට පත්වීමට ඉන්දියාව සූදානමින් සිටින අතර, මෙතෙක් බටහිර රටවල ග්‍රහණයේ පැවති ලෝක ආර්ථික බලය, අසල්වැසි රටක් වෙත හුවමාරුවීමේ මෙම සුවිශේෂී අවස්ථාවේ දී ප්‍රතිලාභ රැසක් නෙළා ගැනීමේ අද්විතීය අවස්ථාව දකුණු ආසියාතික රටවලට හිමි වේ.
සියවස් ගණනාවක සිට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක මෙන්ම සවිමත් ආර්ථික සබඳතාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතී. මේ වන විටත් ලෝකයේ නැගෙනහිර දෙසට ප්‍රවාහනය කරන බොහෝ ඉන්දියානු භාණ්ඩ සඳහා කොළඹ වරාය නවීන පහසුකම් වලින් සමන්විත ගමනාන්තයක් බවට පත් වී ඇත.
2075 වසර වන විට ඉන්දියාව ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වීමට නියමිත බව FT වාර්තාව ඔස්සේ පුරෝකථනය කර තිබේ. ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් සහිත එවැනි රටක් සමඟ වඩාත් සමීප ව්‍යාපාරික සබඳතාවක් වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතය අභිවෘද්ධිය කෙරෙහිද මනා පිටිවහලක් වන අතර මෙය ඒ සඳහා වඩාත් සුදුසු කාලය වනු ඇත. ලංකා ඉන්දියානු ව්‍යාපාරික සංගමය (LIBA) විසින් දැනටමත් මෙම සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.
මේ පිළිබඳව අදහස් එකතු කරමින් LIBA හි සභාපති සන්තෝෂ් මෙනන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අතීතයේ සිටම ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ බලවතෙකු ලෙස කටයුතු කළා. උසස් තත්වයේ කුරුඳු, ගම්මිරිස් මෙන්ම මෑත කාලීනව වඩාත් ප්‍රචලිත වූ ලංකා තේ’ වැනි වාණිජ බෝග සඳහා ලොව ඉහළ ඉල්ලුමක් පවතිනවා. තවද, ඇඟලුම් කර්මාන්තය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රදර්ශනය කළ සුවිශේෂී කුසලතාවලින් ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතින වෙළෙඳ නාම සඳහා ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවකු ලෙස තේරී පත් වීමට ද ශ්‍රී ලංකාවට අවස්‍ථාව ලැබී තිබෙනවා. ඉන්දියාව සමග වඩාත් ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් මෙරට වෙළෙඳ බලය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නිවැරදි ක්‍රමවේද සොයා ගැනීම මෙරට ආර්ථිකය කෙරෙහි ධනාත්මක පිටුබලයක් සපයනවා. එබැවින් LIBA ඔස්සේ ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර අතර අර්ථවත් සමීප සබඳතාවන් වර්ධනය කිරීමට සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා.”
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. ”දිගු කලක සිට ශිෂ්ටාචාර ගත සබඳතාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින අතර ශක්තිමත් ආර්ථික හා වාණිජ සබඳතා ඒ ඔස්සේ නිරායාසයෙන්ම ගොඩනැගී තිබෙනවා. LIBA හරහා දෙරටේම ව්‍යාපාර ප්‍රජාව අතර සමීප සබඳතා තවදුරටත් සවිමත් කරමින් සහ පෝෂණය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රයත්නය අගය කරන අතර සියලුම අරමුණු සාර්ථක කර ගැනීමටLIBA හි සභාපති සන්තෝෂ් මෙනන් ඇතුළු පාලක මණ්ඩලයේ ආරම්භක සාමාජිකයන් සියලු දෙනාටම මගේ සුබ පැතුම් පිරිනමනවා.”
“ලෝකයේ වඩාත්ම උසස් වෙළෙඳ නාම සැපයීමට ලංකාවට තිබෙන සුවිශේෂී හැකියාව පිළිබඳව ලාංකික ශ්‍රම බලකායේ විශිෂ්ටත්වය ඔස්සේ මැනවින් සනාථ කර තිබෙනවා. අප රටේ සාක්ෂරතා අනුපාතය, ජීවන තත්ව දර්ශක සහ ආගන්තුක සත්කාර යන කරුණු දිගු කාලීන සබඳතා ගොඩනගා ගැනීම කෙරෙහි අපට බෙහෙවින් ඉවහල් වෙනවා. එමෙන්ම ඒ ඔස්සේ විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවන් බවට පත් වෙමින් එම ව්‍යාපාර පමණක් නොව ඔවුන් නියෝජනය කරන රටවල් වෙත ද ප්‍රතිලාභ පිරිනැමීමට අපව සවිබල ගන්වනවා. විවිධ හැකියාව සහිත ආයෝජකයන්ට ලංකාවේ ආයෝජන කටයුතු දියත් කිරීමට වේදිකාවක් සකසා දීම සම්බන්ධයෙන් අපි වැඩි උනන්දුවක් දක්වනවා. ඒ අනුව LIBA ඒ සඳහා කදිම අවස්ථාවක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් LIBA හි උප සභාපතිනිය වන අරෝෂි නානායක්කාර මහත්මිය පැවසුවාය.
මීට අමතරව LIBA හි පාලක මණ්ඩලය නියෝජනය කරන තවත් සාමාජිකයන් රැසක් ද ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය (LIBA) දියත් කිරීම සහ එය දෙරටේ සංවර්ධනය කෙරෙහි ඉවහල් වන ආකාරය පිළිබඳ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළහ.
“ඉන්දියාව සමඟ ඩිජිටල් සහ නව්‍ය ව්‍යාපාර ක්ෂේත්‍ර පිළිබඳ සමීප සම්බන්ධතා ගොඩනඟා ගනිමින් ඒ ඔස්සේ ලබන අත්දැකීම් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට අපි උත්සහ කරනවා. බොහෝ දේශීය තාක්ෂණික නිෂ්පාදන ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත වෙනවා. ඉන්දියාව වෙත සමීප වීම ඔස්සේ ඔවුන් උපරිම ප්‍රතිලාභයක් අත්පත් කර ගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.” යනුවෙන් පාලක මණ්ඩල සාමාජික අෂික් අලි මහතා සිය අදහස් ඉදිරිපත් කළේය.
LIBA ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන ක්‍රියාකරුවකු ලෙස ශ්‍රී ලංකා අල්ට්‍රාටෙක් සිමෙන්ති ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධානී සන්දීප් හෝලි මහතා කටයුතු කිරීමට නියමිතය. එමඟින් දැනුම හුවමාරු කර ගනිමින් සබඳතා වර්ධනය කර ගැනීමට සහ එම සහයෝගීතාවෙන් ව්‍යාපාරවලට සහ වෘත්තිකයන්ට ”එක්ව වර්ධනය වීමට” අවස්‍ථාව හිමි වේ.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය ශ්‍රී ලංකාවේ දී ආරම්භ කෙරේ