IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ලෝකයේ විශාලතම වෙළෙඳපොළ ලංකාවේ දොරකඩට ඇවිත්

ඉන්දියාව, චීනය සහ අග්නිදිග ආසියාවේ අවම වශයෙන් බිලියන 3.5 ක ජනතාවක්

චීනයේ සහ ඉන්දියාවේ විශ්වාසය දිනාගත හැකි නම් මෙරටට විශාල වාසියක් 

ශ්‍රී ලංකාවද වියට්නාමය ගමන්ගත් මගෙහි ගමන් කළ යුතුයි

ලංකාව තවමත් සිය උපාය මාර්ගික පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන නෑ

පසුගිය වසර 30 කාලය තුළ ඩුබායි නගරය ලබාගත් සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ කතාව විය යුතුව තිබුණා

1965 වසරේ සිංගප්පූරුව නිදහස් නගර රාජ්‍යයක් බවට පත්වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 500 ක් වුවත් දැන් එය ඩොලර් 88,000 ක්


රන්දිමා ආටිගල


ලෝකයේ විශාලතම වෙළෙඳපොළවල් මෙරට දොරකඩට ගෙන ඒමෙන් ලෝකය ශ්‍රී ලංකාවට ලොකු උදව්වක් කර තිබෙන බව මහාචාර්ය කිෂෝර් මහබුබානි පසුගියදා ප්‍රකාශ කළේය.

ඉන්දියාව, චීනය සහ අග්නිදිග ආසියාවේ අවම වශයෙන් බිලියන 3.5 ක ජනතාවක් සිටින බවත් ඒ සියල්ලන්ම සිටින්නේ ශ්‍රී ලංකාවට පැය 6ත් 8ත් අතර කාලයක දුරින් බවත් ඔහු පැවැසුවේය. වර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහිත රටවල සිටින ජනතාව සංචාරය කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන බවත් මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන් උපරිම ප්‍රයෝජනය ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීනය සහ ඉන්දියාව අතර තරගකාරීත්වය හේතුවෙන් දෙරට අතර වර්ධනය වෙමින් පවතින අවිශ්වාසය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් බලපෑ හැකි තවත් කරුණක් බවත් චීනය සහ ඉන්දියාව තමන්ට වාසි සහගත වන අයුරින් කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රමයක් සොයාගත යුතු බවත් මහාචාර්යවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකාවට, චීනයේ සහ ඉන්දියාවේ විශ්වාසය දිනාගත හැකි නම් ඉන් විශාල වාසියක් මෙරටට අත්වනු ඇති බවද මහාචාර්ය කිෂෝර් මහබුබානි ප්‍රකාශ කළේය. එහෙත් ඒ සඳහා මෙරට භූ දේශපාලනික වශයෙන් විශාල වැඩ කොටසක් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවත් ඒ සඳහා දැඩි වෙහෙස මහන්සිවීමට මෙරටට සිදුවනු ඇති බවත් ඔහු පැවැසුවේය.

එහෙත් ශ්‍රී ලංකාවට එය සිදුකළ හැකි නම් මෙරට සංචාරක කර්මාන්තයට ඉන් විශාල තල්ලු‍වක් ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. එයට හොඳම උදාහරණයක් ලෙස වියට්නාමය ගතහැකි බවත් චීනය සමග හිට ගනිමින් වියට්නාමය චීනය සමග එකට ගමන් කරන බවත් ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාවද වියට්නාමය ගමන්ගත් මගෙහි ගමන් කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

මෙරට නායකයාට චීනය හා ඉන්දියාව සමග එකට හිටගනිමින් දෙරට සමගම සුහදව කටයුතු කිරීමට හැකියාව තිබිය යුතු බවද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව තවමත් සිය උපාය මාර්ගික පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන නැතැයි මහාචාර්යවරයා පැවැසුවේය. අලංකාර දූපතක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදිය හැකිදේ බොහොමයක් තිබුණත් ශ්‍රී ලංකාව ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට අසමත් වී තිබෙන නමුත් දුකට කරුණ නම් කාන්තාර තිබෙන ඩුබායි නගරය තම කාන්තාරවලින් උපරිම ප්‍රයෝජන ගෙන තිබෙන බව මහාචාර්ය කිෂෝර් මහබුබානි ප්‍රකාශ කළේය.

03 වැනි පිටුවට...



අදහස් (0)

ලෝකයේ විශාලතම වෙළෙඳපොළ ලංකාවේ දොරකඩට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site