ගනුදෙනුව 2026 මැද දී සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි
භානුක අමරසිංහ
හොංකොං ෂැන්ග්හයි බැන්කින්ග් කෝපරේෂන් හෙවත් HSBC බැංකුවේ මෙරට ශාඛා මගින් පවත්වාගෙන ගිය සිල්ලර බැංකුකරණ ව්‍යාපාර කටයුතු අත්පත් කරගැනීමට යෝජනා ඉදිරිපත් කරන බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පවසයි. මෙම අත්පත් කරගැනීමට අදාළ එකඟතාවට අත්සන් තැබීම ඊයේ (24) දිනයේදී සිදු කළ බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් පවසා තිබේ.
ඒ අනුව රුපියල් බිලියන 18ක් සහ ඊට අදාළ බදු ඇතුළත් වටිනාකමකට මෙම අත්පත් කරගැනීම සිදු කරගත් බව සඳහන් වෙයි. මෙම ගනුදෙනුව 2026 වසරේ පළමු අර්ධයේදී සම්පූර්ණ වනු ඇති බවත්, ඒ සඳහා මහ බැංකුවේ නියාමන අනුමැතිය මෙන්ම අදාළ එකඟතාවට ඇතුළත් කොන්දේසි සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමක් අවශ්‍යව ඇති බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වැඩිදුරටත් පවසයි.
මෙම අත්පත් කරගැනීමත් සමගින්ම HSBC බැංකුව මගින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ලද සිල්ලර බැංකුකරණ ව්‍යාපාරයට ඇතුළත් වන ඉහළ මට්ටමේ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, සිල්ලර ණය සහ ලක්ෂ දෙකකට ආසන්න බැංකු ගිණුම් සතු පාරිභෝගිකයන් ඇතුළත් වන බව පැවසෙයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ජෝන් කීල්ස් සමූහයට අයත් මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවකි.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රු.බි.18කට මෙරට HSBC සිල්ලර බැංකු මෙහෙයුම් අත්පත් කරගැනීමට නේෂන්ස් ට්‍රස්ට් සැරසෙයි