
බදුල්ලේ පාලිත ආරියවංශ
තක්කාලි මිල කිලෝව රුපියල් 15 ටත් අඩුවෙන් පැවතීම නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඌව පරණගම, වැලිමඩ, ඇල්ල, කුඹල්වෙල, උඩුකුඹල්වෙල, හල්පේ, හෙලහල්පෙ, ඇටම්පිටිය, නෙළුව, හාලිඇල, බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවල මේ දිනවල තක්කාලි අස්වනු නෙළන්නේ නැතිව ගස්යට කුණුවීමට ඉඩ සලසා ඇත්තේ අස්වනු නෙළන්න ගියොත් ඒ සඳහා වැය වන මුදලවත් නොලැබෙන නිසා යැයි ගොවීහු පවසති.
පසුගිය කාලයේ තක්කාලි මිල ඉහළ ගිය නිසා තක්කාලි වගාවට යෙමුවූ නමුත් මෙවර මිල පහළ යාම නිසා වගාවට වැයකළ මුදලක් සොයාගත නොහැකිව අසරණව සිටින බවද ඔව්හු කියති. මේ ඔවුන්ගේ මැසිවිලිය.
ඊ. එම්. කිරිබණ්ඩා : පසුගිය කාලයේ තක්කාලි මිල ඉහළ ගිය නිසා මෙවර තක්කාලි වගාව කළා. අස්වනු නෙළන කාලයට මිල බැහැගෙන ගියා. අන්තිමට කිලෝව රුපියල් 15 ට වත් දීගන්න බැරිවුණා. බණ්ඩාරවෙල අරන්ගිය තක්කාලි විසිකරලා ආවා.
වගාවට වියදම් කළ මුදලවත් සොයාගන්න බැරිව මෙහෙම වගා කරල වැඩක් නැහැ. රජය ඉදිරිපත්වෙලා සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළොත් අනාගතේ බදුල්ල දිස්ත්‍රික්කයේ එළවළු වගාව නැතිවේව්.
රම්‍යා කුමාරි : බෙහෙත් පොහොර යනාදියටත් විශාල මුදල් වැය වුණා. තක්කාලි කඩල බණ්ඩාරවෙල ටවුමට ගෙනියන්න රුපියල් 1500 ක් ගන්නවා. තක්කාල් කඩන්න දෙන කුලී බැලුවම දැන් තක්කාලි කඩල වෙළෙඳපොළට රැගෙනයාම පාඩුයි.
අතින් පාඩුවිඳගෙන තක්කාලි ගස්වලට කුණුවෙන්න දීලා බලාගෙන ඉන්නවා. මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ.
එච්. එම්. චන්ද්‍රලතා : හැමදාම අපි තක්කාලි වගාව කරනවා. මේපාර තමයි මේ විදියට මිල පහළටම බැස්සේ. තක්කාලි විකුණගන්න බැහැ ගස්වල කුණුවෙලා වැටෙනවා. දැන්නම් වගාවත් එපා වෙලා තියෙන්නේ. ඉදිරියටවත් අපේ අස්වනුවලට සාධාරණ මිලක් ලබාදිය හැකි වැඩපිළිවළක් සකස්කරන්න කියල අපි වගකිවයුතු අංශ වලින් ඉල්ලනවා.
ආර්. එම්. තිලකරත්න: මේ සැරේ මිල හොඳටම බැස්සා. කිලෝව රුපියල් 15 ටවත් විකුණගන්න බැරිව අසරණවෙලා ඉන්නේ. සමහරු තක්කාලි නිකන් කඩාගන්න දීලා මුළු තක්කාලිකොටුවම ගලවලා දැම්මා.
ඌව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බදුල්ල) එච්.එම්.එච්.උදයංගනී මහත්මිය මෙසේ පැවසුවාය.
ඇත්තටම මේ දවස්වල තක්කාලි අස්වනු වැඩිවීම නිසා මිල මේ ලෙස පහත බැස්සා. පසුගිය දවස්වල තිබුණ තක්කාලිවලට හිතකර කාලගුණ තත්වය නිසා තමයි රෝග අඩුවෙලා අස්වනු වැඩිවුණේ. අනෙක් කාරණය තමයි අතුරු නිෂ්පාදන කළහැකි තක්කාලි වර්ග වගා නොකිරීම. කෙහොම නමුත් මේ ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමේ වැඩ පිළිවෙළක් ඉදිරියේ දී හෝ ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒ පිළිබඳව සැලසුම් කරගෙන යනවා.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුපියල් 15ටත් දෙන්න බැරි බදුල්ලේ තක්කාලි