IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රැපියල් මිලියන 86 කින් ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාරවල හදිසි අලු‍ත්වැඩියාවක්

  • නිමල කොඩිතුවක්කු

මත්ස්‍ය හා මුහුදු ආහාර නිෂ්පාදනවල ආහාර සුරක්ෂිතතාව සහ මිල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව සතු ශීතාගාරවල හදිසි පුනරුත්ථාපන හා අලු‍ත්වැඩියාවක්  කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලංකා ධීවර සංස්ථාව සතු මෝදර පිහිටි ශීතාගාර පහසුකම දකුණු ආසියාවේ පිහිටා ඇති විශාලතම ශීතාගාර පහසුකමක් ලෙස සලකනු ලැබුව ද, පසු ගිය කාලයේදී නිසි පරිදි නඩත්තු නොකිරීමත්, කළමනාකාරණ දුර්වලතාත් හේතුවෙන් මේ වන විට එහි ශීතාගාර අකර්මණ්‍ය තත්වයට පත්ව ඇත.
එබැවින්, මෙට්‍රික්ටොන් 200 ක ධාරිතාවකින් යුත් ශිතාගාරයක් සහ මෙට්‍රික්ටොන් 2.5ක ධාරිතාවකින් යුත් අධි ශීතාගාරයක් කඩිනමින් අලු‍ත්වැඩියා කර භාවිතයට ගැනීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබේ. එය අලු‍ත්වැඩියාව සඳහා රුපියල් මිලියන 86 ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. 



අදහස් (0)

රැපියල් මිලියන 86 කින් ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාරවල හදිසි අලු‍ත්වැඩියාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16882 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site