IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


රුපියල් බිලියනයක ආයෝජනයකින් හම්බන්තොට වරායට රැන්ක් කන්ටේනර් ටර්මිනල්ස් වෙතින් බහාලු‍ම් බඩුතොග පරීක්ෂණ අංගනයක්

නව අංගනයේ ඉලක්කය වන්නේ ප්‍රධාන වශයෙන් ලංකාවේ දකුණු ප්‍රදේශයට සේවා සැපයීමයි


හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) පරිශ්‍රය තුළ, අවශ්‍යතාව අනුව ඉදිකරන ලද විශේෂිත බහාලු‍ම් බඩුතොග පරීක්ෂණ අංගනයක් ස්ථාපිත කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), රැන්ක් කන්ටේනර් ටර්මිනල්ස් පෙද්ගලික සමාගම (RCT) සමග අත්වැල් බැඳගෙන ඇත. 

නව අංගනය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා හසුරුවන සියලු‍ම දේශීය ආනයන හා අපනයන බහාලු‍ම් සඳහා සංකේන්ද්‍රිය පරීක්ෂණ ස්ථානයක් ලෙස ක්‍රියා කරමින්, ශ්‍රී ලංකාවේ දකුණු පළාත සඳහා ප්‍රධාන සැපයුම් දොරටුවක් ලෙස වරායේ කාර්යභාරය තවත් ශක්තිමත් කරනු ඇත. රුපියල් බිලියන 1 ක මෙම ව්‍යාපෘතිය මෙහෙයුම් කාර්යක්ෂමතාව, නියාමන අනුකූලතාව සහ වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ ඇති කැපවීම පිළිබිඹු කරයි. 

ශ්‍රී ලංකා රේගුව සහ බහාලු‍ම් පරීක්ෂාවට සම්බන්ධ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමග සමීප සහයෝගයෙන්, RCT සමාගම නවීන තාක්ෂණ සහ යටිතල පහසුකම් අනුකලනය කිරීමට කටයුතු කරනු ඇත. 

නව අංගනයට මුල්ගල් තැබීමේ උත්සවයට රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ද සහභාගී විය.

”‍නව අංගනයේ ඉලක්කය වන්නේ, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට සේවා සැපයීමයි. 

කොළඹ වරාය මුහුණ දෙමින් සිටින අතිරික්ත සැපයුම් පීඩනය අඩු කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට බහාලු‍ම් බඩුතොග පරීක්ෂා කිරීමේ කාර්යක්ෂම විකල්පයක් ලබා දීම අපගේ අරමුණයි,”‍ RCT හි සභාපති රවී විජේරත්න මහතා පැවසීය.

“හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහා අපගේ මුල් ප්‍රධාන සැලැස්මට, බහාලු‍ම් අංගනය විශාල කිරීම ඇතුළත්,” යැයි HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසයි.



අදහස් (0)

රුපියල් බිලියනයක ආයෝජනයකින් හම්බන්තොට වරායට රැන්ක් කන්ටේනර් ටර්මිනල්ස් වෙතින් බහාලු‍ම් බඩුතොග පරීක්ෂණ අංගනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site