නවීන පහසුකම් රැසකින් සමන්විත Queen’s Hospital රත්මලාන ප්‍රදේශයේදී පසුගියදා විවෘත කෙරිණිග. අල්ට්‍රා-සවුන්ඩ්, එකෝ, එක්ස්-රේ ආදී වෛද්‍ය තාක්ෂණික උපකරණවලින් සමන්විත එම රෝහල රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලුවලට ඵලදායී ප්‍රතිකාර ගැනීමට මග පාදන බව කියයි. උසස් තත්වයේ රෝගී සත්කාර සේවා සපයන එම රෝහල පෙබරවාරි 28 දක්වා විවිධ අංශ සඳහා වට්ටම් පිරිනමන බවද සඳහන් කරයි.
සිය ආයතනික සමාජ වගකීම මනාව ඉටු කරමින් විශේෂ වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද එම රෝහල කටයුතු යොදා තිබුණි. එහිදී කොලෙස්ටරෝල්ල දියවැඩියාව සහ හෘදය ආශ්‍රිත රෝග හඳුනා ගැනීමට උපකාර වන පරීක්ෂණ නොමිලේ සිදු කෙරිණි. වර්තමානයේ පවුල් සංස්ථා මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් Queen’s Hospital වයස්ගත මවුපියන් සඳහා දිවා සුරැකුම් සේවාවක් ද හඳුන්වා දී තිබේ. ඒ තුළින් දරුවන්ට සිය මවුපියන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සුරක්ෂිත සහ ආදරණීය පරිසරයක නැවැත්විය හැකිය. ඊ-චැනලින් සේවාවෙන් තමන්ට අවශ්‍ය වෛද්‍යවරයා තෝරා ගෙන Queen’sHospital වෙත ගොස් ප්‍රතිකාර ගැනීමට රෝගීන්ට හැකියාව ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රත්මලාන Queen’s Hospital සුව සේවා පුළුල් කරයි