IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රතබලාගම කනිටු විදුහල ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වේ


ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පසුගියදා තණමල්විල, හම්බෙගමුව, රතබලාගම කනිෂ්ඨ විද්‍යාලයේදී සංස්කෘතිකාංග රැසක් සමගින් පවත්වන ලද සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු සැමරුම් උළෙලට එම පාසලේ සිසුන් හා ගුරුවරු මෙන්ම මවුපියෝද සහභාගී වූහ.

SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) සංකල්පය යටතේ සිදුකරන ලද මෙම වැඩසටහනෙන් මෙම පාසලට බෙහෙවින් අවශ්‍යව තිබූ අන්තර්ජාල පහසුකම් ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් සහ අධ්‍යාපනික සම්පත් රැසක් ප්‍රදානය කරන ලදී. මෙම ප්‍රදේශය අවට ජීවත් වන, විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ප්‍රජාවට අයත් පවුල්වල දරුවන් 300 ක් පමණ මෙම පාසලෙහි ඉගෙනුම ලබති. 

මෙම සිසුන් සමග එක් වී අලු‍ත් අවුරුදු සතුට සමරන අතරම, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් ඔවුන් වෙත ලබාදීම SLT-MOBITEL හි අරමුණ විය. ග්‍රාමීය ප්‍රදේශවල ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා මගහරවාලීමෙන්, ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාව වෙනුවෙන් ආයෝජනය කිරීම ඔස්සේ SLT-MOBITEL බලාපොරොත්තු වන සාධනීය ප්‍රතිඵල ළඟා කරගැනීම වඩාත් පහසු වනු ඇත. SLT-MOBITEL වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම අලෙවිකරණ) අසිත ජයසේකර මහතා සහ මොණරාගල ප්‍රාදේශීය කළමනාකාරිණී තිළිණි ධනපාල මහත්මිය මෙම උත්සවයට සහභාගී වූහ. ඊට අමතරව තවත් SLT-MOBITEL නියෝජිත පිරිසක්, පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

මෙම උත්සවයට සමගාමීව, පාසලේ ක්‍රියා විරහිතව පැවති පරිගණක කිහිපයක් යථා තත්වයට පත්කිරීමටද SLT-MOBITEL කාර්මික ශිල්පීහු කටයුතු කළහ. එමෙන්ම මීට පෙර අන්තර්ජාල පහසුකම් නොතිබූ මෙම පාසල තුළ ප්‍රථම වරට ඩිජිටල් ඉගෙනුම් පරිසරයක් ස්ථාපිත කිරීමට හැකි වන ආකාරයට එයට අන්තර්ජාල පහසුකම්ද ලබාදෙන ලදී. මෙම මැදිහත්වීම මගින් සිසුන්ට මාර්ගගත අධ්‍යාපනික සම්පත් භාවිත කිරීමට අවස්ථාවන් හිමි වන අතර, එමගින් ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල් සේවා අත්විඳීමට ලැබෙන අවස්ථා පුළුල් වනු ඇත.

රතබලාගම පාසලේ අවුරුදු උත්සවයට අවුරුදු ක්‍රීඩා ඇතුළු සාම්ප්‍රදායික විශේෂාංග රාශියක් ඇතුළත් වී තිබිණි. මෙය පාසලේ ගුරුවරුන්, සිසුන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් එක්තැන් කළ සුවිශේෂී අවස්ථාවක් විය. මෙහිදී SLT-MOBITEL  එම පාසලේ සියලු‍ම සිසුන්ට, ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට වැදගත් වන පොත්පත් හා පාසල් උපකරණ ආදිය ඇතුළත් පාසල් බෑග් 300 ක් ප්‍රදානය කිරීමටද කටයුතු කළේය. මීට අමතරව SLT-MOBITEL විසින් එම සිසුන්ගේ සාක්ෂරතාව හා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පාසලේ පුස්තකාලයට පොත් විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කරන ලදී.



අදහස් (0)

රතබලාගම කනිටු විදුහල ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 91 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site