
රත්තරන් කියන්නේ අනෙක් ලෝහවලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කිරීමට හැකි ලෝහයකි. ඒ වගේම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කිරීමට ද හැකි ලෝහයකි. මේ වන විට නවීන තාක්ෂණයත් සමග විවිධ වර්ණවල රත්‍තරන් වෙළෙඳපොළට පැමිණ තිබේ.
ඔක්තෝබර් මාසයේ 17 වැනිදා රත්‍තරන් මිල ලක්ෂ හතරක් වැනි අදාහගත නොහැකි මිලකට වැඩිවීමත් සමග රත්‍තරන් සම්බන්ධයෙන් කතිකාවත් වැඩිවන්නට පටන් ගැනිණ. මේ දිනවල රන් භාණ්ඩ වෙළෙඳාම කොයි ආකාරයෙන් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී කොළඹ කොටුව හෙට්ටිවීදියේ වසර පනහකට අධික කාලයක සිට රන් වෙළෙඳාමේ නියුතු ශ්‍රී ගාන්තිමති වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික රාමචන්ද්‍රම් චන්ද්‍රමෝහන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
රත්තරන් මිලේ වැඩිවීමත් එක්ක රත්‍තරන්වලට තිබූ ඉල්ලුම මේ වෙද්දී අඩුවෙලා තියෙන්නේ. බිස්නස් නැහැ කියන්න බැහැ. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ දවස්වල බිස්නස්වල යම් අඩුවීමක් තියෙනවා.
බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
රත්‍තරන් මිල ගත්තහම හිතාගන්න බැරි විදිහට දවසින් දෙකින් වැඩිවෙනවා, අඩුවෙනවා. අද තියෙන මිල හෙට වෙද්දි අඩු වැඩි වෙන ගණන රුපියල් 1000ක් 2000ක් වෙනවා නම් රන් භාණ්ඩයක් විකුණා ගන්න පුළුවන්. අද දවසට රත්‍තරන් මිල රුපියල් 20,000කින් පහත වැටෙද්දි හෙට දවස වෙද්දි නැවත රුපියල් 15,000කින් වැඩි වෙනවා. මේ දවස්වල රත්‍තරන්වලට ස්ථාවර මිලක් නැහැ.
පසුගිය කාලයේ රත්‍තරන් මිල ඉහළ යෑමත් එක්ක ව්‍යාපාරිකයන්වන අපිටත් සෑහෙන පාඩුවක් සිදුවුණා. අපි කලින් අරගත්තු රත්‍තරන් ඇණවුම් ඒ දිනවල තිබුණ මිලත් එක්ක තමයි ලබා දුන්නේ. ඒ දවස්වල මිල ගණන් එක්ක අපි 270000කට තමයි ඇණවුම් ලබා ගත්තේ. අද වෙද්දී රන් මිල 298,000ක් වෙනවා. පසුගිය ඔක්තෝබර් 17වැනිදා වාර්තා වුණ රන් මිලට සාපේක්ෂව රුපියල් 81,000කින් අඩුවෙලා තියෙන්නේ. පසුගිය සති දෙක තුන තුළ රුපියල් ලක්ෂයකින් විතර රත්‍තරන් ඉහළ යද්දි අපිට අත්තිකාරම් ලබාදුන්න පාරිභෝගිකයන්ගෙන් නැවත වැඩි මිලක් අය කරන්නත් බැහැ වගේම සදාචාරාත්මකව නැවත ඔවුන්ගේ මුදල් ලබා දෙන්නත් බැහැ. මේ හේතු නිසා රත්‍තරන් ව්‍යාපාරයේ නියුතු පිරිස දැවැන්ත අර්බුදයකට මුහුණදිලා ඉන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා
2025 නොවැම්බර් මස 04
102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2030
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්තරන් ව්‍යාපාරයේ නියුතු පිරිස දැවැන්ත අර්බුදයකට මුහුණදීලා