විමුක්ති එස් රුද්‍රිගු
|
ධනනාත් ප්‍රනාන්දු |
තවත් රටවල් 40 ක සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය ගත් මෑත කාලීන තීරණය නිවැරදි තීරණයක් බවත් සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ඇති ආර්ථික අවස්ථා සම්පූර්ණයෙන්ම විවෘත කර ගැනීම සඳහා වීසා ලබාදීමේ ක්‍රියාවලිය පුළුල් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇඞ්වොකාටා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මෙම වසරේදී ලක්ෂ 30 ක සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් සංචාරකයන්ට හිතකර පරිසරයක් සමග ඒකාබද්ධ වූ විවෘත, පැහැදිලි සහ ස්ථාවර වීසා ප්‍රතිපත්තියක් තිබීම, ආයෝජනවලට හිතකර නියාමනයන් ක්‍රියාත්මක වීම සහ ඉහළ පෙළේ සංචාරකයන් ඉලක්ක කිරීම එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය බව තම ආයතනය විශ්වාස කරන බවත් ඇඞ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ රටවල් 40 කට නිදහස් වීසා පහසුකම් ලබාදීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය නිවැරදි දිශාවට ගත් තීරණයක් බවයි. සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ ක්ෂණික රැකියා උත්පාදනය කිරීමට හැකියාව තිබෙන සහ ආර්ථිකයට ධනාත්මකව වර්ධනය වීමට ඉහළ බලපෑමක් එල්ල කළ හැකි අංශ කීපයෙන් එකක් බවද ඔහු පැවැසුවේය.
මෙරටට ඇතුළුවීමේදී තිබෙන බාධක අඩු කිරීම තුළින් වීසා ගාස්තුවෙන් නිදහස් කිරීම වැනි සරල දෙයක් වුවද ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස වඩාත් ආකර්ෂණීය කිරීමට බොහෝ සෙයින් දායක විය හැකි බව ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටවල් 40 කට වීසා ගාස්තු නිදහස් කිරීම මෑත කාලීනව ගත් නිවැරදි තීරණයක්