රජ්‍ය ව්‍යවසාය මූල්‍ය වාර්තා යහපත්ව පවත්වාගෙන නොයෑම ලැයිස්තුගතවීමට බාධාවක්ලු
භානුක අමරසිංහ
|
කොටස් වෙළෙඳ පොළ සභාපති ඩිල්ෂාන් වීරසේකර |
රජ්‍ය ව්‍යවසාය (SOE) කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීම සඳහා වෙනමම පුවරුවක් හඳුන්වා දී තිබුණද, එම ව්‍යවසාය මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව කොටස් වෙළෙඳ පොළ සභාපති ඩිල්ෂාන් වීරසේකර මහතා පවසයි.
ඒ අනුව අදාළ සුදුසු ව්‍යවසාය මෙම පුවරුවේ ලැයිස්තුගවීම සඳහා ඉදිරිපත් වන තෙක් තමන් බලා සිටින බවත්, ඊට අවශ්‍යව ඇත්තේ රජයේ මුලපිරීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් මෙම මාසයේ කොළඹදී පවත්වන Invest Sri Lanka 2025 ආයෝජන සමුළුව ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.
ඒ අනුව මෙම SOE පුවරුව තුළ රාජ්‍ය බැංකු, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ඕනෑම රාජ්‍ය ව්‍යවසායක් ලැයිස්තුගත කිරීම සිදු කළ හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාරාමුව මේ වන විට සකස් කර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. කොළඹ කොටස් වෙළෙඳපොළේ ස්ථාපිත කෙරුණු මෙම SOE පුවරුව වෙත එහි නියාමකයා වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වූයේ 2023 වසරේදීය. එතැන් පටන් මෙම පුවරුව රාජ්‍ය ව්‍යවසාය සඳහා විවෘතව පවතී.
කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුගත සමාගම් මගින් අනුගමනය කරන සාම්ප්‍රදායික පිළිවෙත් අනුගමනය කිරීමට අපොහොසත්වීම මෙම ලැයිස්තුගතවීම් ප්‍රමාදවීමට හේතුවක් බවත් ඔහු පෙන්වා දෙයි.
“ඇතැම් රාජ්‍ය ව්‍යවසාය මූල්‍ය වාර්තා සැකසීමේ දී හා වාර්තා කිරීමේ දී කොටස් වෙළෙඳපොළ පිළිගත් සම්මතයන් අනුගමනය කරලා නැහැ. මෙම සම්මතයන් සමාගමක් ලැයිස්තුගත කිරීමේ දී අනුගමනය කරන සාමාන්‍ය සම්ප්‍රදායක්. එහෙත් ඒ සඳහා යම් කාලයක් ලබා දෙන්න අපි සූදානම්.” යැයිද ඒ මහතා කීය.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුගත කිරීමට මෙතෙක් යහපත් ප්‍රතිචාර නෑ